Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ලද 11 වැනි පරාජය සම්බන්ධයෙන් පිතිකරුවන් වගකිව යුතු යයි උපනායක ළහිරු තිරිමාන්න කියයි. සිම්බාබ්වේ පිල හමුවේ අවසන් එක්දින තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිලට එරෙහිව මවුබිමේදී පැවැති එක්දින තරගාවලියේදී 5-0 ක පරාජයක් අත්වින්ඳේය. අනතුරුව පාකිස්තානුවන් හමුවූ ශ්‍රී ලංකා පිල මේ වන විට 4-0 ක පරාජයක් ලබා සිටී.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක දිගට ලද දීර්ඝතම එක්දින පරාජයන් වැලයි. එහි අවසන් පුරුක වන්නේ ඊයේ (20 වැනිදා) සාජාහිදී පාකිස්තානුවන් හමුවේ ලද කඩුලු 7 ක පරජයයි.
“අපි ක්‍රීඩා කළ ආකාරය ගැන තියෙන්නේ ඉතාමත් දැඩි කණගාටුවක්”
“මේ දේවල් හරියට කරන්නේ කොහොමද කියලා අපි ගොඩාක් කතාබහ කළා. ලකුණු ලබාගැනීමේ අවස්ථාව හුවමාරු කිරීම..., හතරේ හෝ හයේ ඒවා ගැසීම වගේ දේවල්. ඒත් ඒ කිසිම දෙයක් හරියට වැඩකරන්නේ නෑ” යයි සිකුරාදා තරගයෙන් පසුව වාර්තාකරුවන් හමුවේ පැවසූ තිරිමාන්න...
“තව එක තරගයයි තියෙන්නේ....අපට ඒක අතහරින්න බෑ. කොහොම හරි ඒක දිනාගන්න ඕනෑ” යයිද පැවසීය.
සිවුවැනි තරගයේදී තිරිමාන්න ලකුණු 62 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නොහැකි විය. පිතිකරුවන් අසාර්ථක වීම නිසා එහිදීත් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි.
තිරිමාන්න පවසන අවසන් අවස්ථාව උදාවන්නේ ලබන සඳුදා සාජාහිදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගාවලියේදීය. යම් හෙයකින් එම තරගයත් පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග වලදී පිට පිටම 5-0 තරගාවලි පරාජයන් දෙකකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටී. මේ වසර මුලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ 5-0 ක තරගාවලි පරාජයකට මුහුණ දුන්නේය.
තිරිමාන්නගේ අදහස අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් පාකිස්තාන දඟ පන්දු යවන්නන් සහ හසන් අලී හමුවේ මහත් සේ අසරණව සිටී. මෙම තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 4 දී කඩුලු 12 ක් දවාගෙන සිටින හසන් අලි එක්දින තරග 24 කින් කඩුලු 50 ඉලක්කය සම්පූර්ණ කළ පන්දු යවන්නෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.