Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති පස්වැනි තරගයට (දිවා/රාත්‍රී) වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය.
වර්ෂාව අඛණ්ඩව පැවතීම නිසා තරගය අත්හිටුවා තරගයේ අතිරේක දිනය වන හෙට (11) පස්වරු 2.30 ට එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට ඊයේ රාත්‍රී 9.00 ට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව මද වාර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කළ අතර පසුව දැඩි වර්ෂාවක් ඇද හැලූණි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49 කදී සියලූ දෙනා දැවී ලකුණු 239 ක් රැස් කළේය.
කුමාර් සංගක්කාර නැවතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 123 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 91 ක් ලබා සිය 91 වැනි එක්දින අර්ධ ශතක වාර්තා කළේය.
තිසර පෙරේරා අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කර පන්දු 17 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 27 ක් රැස් කරමින් ලකුණු 239 ක් දක්වා ගෙන ආවේය.
දකුණතින් වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් සිය දෙවැනි ඉහළතම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 47 කට කඩුලූ 6 ක් දවා ගත්තේය. ශ්‍රී ලංකා පිලට ඕවර 36 සිට 40 දක්වා පිතිකරු අධිවේගී ඕවර පහේදී ලකුණු 25 ක් පමණක් එකතු වීම පාඩුවක් බවට පත්විය.
කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු 85 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ ඉනිමට ජීවය දෙමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 76 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් ලබා දැවී ගියේය. මහේල ජයවර්ධන ලකුණු 2 ක් ලබා 11 වැනි ඕවරයේදී දැවී යෑමත් සමග ලකුණු 59 කට කඩුලූ 3 ක් බවට පත්විය.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 35 ක් ලබා සිටියදී ක්‍රිස් ජෝර්දන් වේග අඩාල කර යැවූ පන්දුව පිත්තේ වැදී කඩුල්ලේ දැවටීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට පන්දු 55 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස සුපුරුදු පරිදි කුසල් පෙරේරා ඉනිමේ තෙවැනි පන්දුවේදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයාට පහසු උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබා දැවී ගියේය.
කුසල් 2013 වසරේ ජනවාරි මස එක්දින වරම් ලැබීමෙන් පසුව වසර දෙකකට ආසන්න කාලයේ ඉනිම 39 කදී හත්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබේ. කුසල් මෙම වසරේ තරග 22 කදී හය වරක් ලකුණු නොලබා දැවී ගොස් ඇති අතර ඉන්දීය සංචාරයේ සිට අවසන් ඉනිම අටෙන් හතරකදී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
කුසල් මෙම වසරේ තරග 22 කදී ශතකයක් සමගින් ලකුණු 506 ක් පමණක් රැස්කර ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 23 කි.
එක්දින ක්‍රීඩකයකු වසරක් තුළදී වැඩිම ලකුණු නොලබා දැවී යෑම ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් 8 වරක් දැවී ගොස් තිබේ. එම වාර්තාව සම කිරීමට කුසල් අවස්ථා දෙකක් පසු පසින් සිටියි.
එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුන් කාසියේ වාසිය ලබා පළමු ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත් වූ පා දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ ස්ථානයට පිට දග පන්දු යවන සචිත්ර සේනානායක කැදවා තිබේ.
පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධි යැයි තහනමකට ලක්ව සිටි සචිත්ර පසුගිය ජූලි මාසයෙන් පසුව එක්දින තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.
සිවුවැනි තරගයට ක්‍රීඩා කළ අලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටේරකිස් වෙනුවට නායක ඇලෙස්ටියාර් කුක් සහ ජේම්ස් ටේරඞ්වෙල් මෙම තරගයේදී එංගලන්ත පිලට කැදවා සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.