Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය අහිමි කරගත් නමුත් බ්‍රෙන්ඩන් මැකලම්ගේ (195) ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹයත් ජේම්ස් නීෂම්ගේ (85) වේගවත් ලකුණු රැස්කිරීමත් නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව ක‍්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) ලකුණු 400 සීමාව ඉක්මවා යාමට නවසීලන්තය සමත් විය. දිනයේ කී‍්‍රඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 429 ක් ලබා සිටියේය.
පන්දු 134 කින් ලකුණු 195 ක් උදුරාගත් නවසීලන්ත නායකයා ලොව වේගවත්ම ටෙස්ට් ද්විත්ව ශතකයේ වාර්තාව කලක් සිය කණ්ඩායම් සගයකුව සිටි නේදන් ඇස්ට්ල්ගේ හිමිකමට තවදුරටත් ඉතිරි කළේය. එහෙත් නවසීලන්තය වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙසින් පැවැති තමන්ගේම වාර්තාව තවදුරටත් ඉහළ දැමූ මැකලම්, ලිත් වර්ෂයකදී ටෙස්ට් ලකුණු 1000 පසුකර ගිය පළමු වැනි නවසීලන්ත ජාතිකයා වශයෙන් වාර්තා පොතට ඇතුළත් විය. මැකලම්ගේ ශතකය සඳහා මුහුණ දුන්නේ පන්දු 74 කට පමණි.
වේගවත්ම ටෙස්ට් ද්විත්ව ශතකයේ හිමිකරුවා වන්නේ වසර 2002 දී ක‍්‍රයිස්ට්චර්ච් නුවරදීම ලැන්කැස්ටර් උද්‍යාන පිටියේදී එංගලන්තයට එරෙහිව පන්දු 153 කින් ද්විත්ව ශතකයක් ලබාගත් නේදන් ඇස්ට්ල්ය.
මෙම ඉනිමෙන් මැකලම් නැවත වරක් ප‍්‍රදර්ශනය කළේ සැබෑ තරග ලීලාවට අවතීර්ණ වූ කල්හි තරගයක ඉරණම වෙනස් කිරීමේ හැකියාවෙන් තමන් කොතෙක්දුරට ශක්තිමත්ද යන්නයි.
මේ වසර මුලදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදී මැකලම් පිටියට එන විට නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 3 ට 30 ක් ලෙසිනි. එහෙත් කේන් විලියම්සන් සහ කෝරි ඇන්ඩසන් සමග එක්ව සම්බන්ධතා ගොඩනැංවූ මැකලම් දැවී යන විට නවසීලන්ත පිල ලකුණු 500 සීමාව පසුකර තිබූ අතර ද්විත්ව ශතකයක් (224) ලබාගත් නායකයා තම කණ්ඩායම ලකුණු 40 ක ජයක් කරා කැඳවාගෙන ගියේය.
අද දිනයේ පන්දු 134 කට මුහුණ දුන් මැකලම් හතරේ පහර 18 කින් සහ හයේ පහර 11 කින් ඉනිම අලංකාර කළේ ජේම්ස් නීෂම් (85) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153 ක් එක්කරමිනි. ඊට පෙර කේන් විලියම්සන් සමග එක්වූ මැකලම් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 126 ක් එක්කර තිබිණ.
වරෙක ලකුණු 88 කට කඩුලූ 3 ක් දැවී නවසීලන්ත පිල තරමක අපහසුතාවකට පත්ව සිටි නමුත් ලකුණු 103 දී කේන් විලියම්සන්ගෙන් ලැබුණු පහසු උඩපන්දුවක් පන්දු යැවූ සුරංග ලක්මාල් විසින්ම අතහරිනු ලැබීම නිසා තරගයේ වාසිය සත්කාරක පිල වෙත දෝලනය විය.
”මා පිටියේ ස්ථාවර වීමත් කේන් (විලියම්සන්) හා සම්බන්ධතාව ඇතිකරගැනීමත් සමගම ලකුණු වේගයෙන් ගලා ආවා....පළමු දිනයේදීම මේ වගේ ශක්තිමත් තත්ත්වයක් ලබාගෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමට පීඩනය එල්ල කරන්න ලැබුණ එක හොඳයි” යයි තරගයෙන් අනතුරුව මැකලම් පැවසීය.
හරිත පැහැ තණතීරුවක වාසිය පෙරවරුවේදීම උකහා ගැනීමට අපොහොසත් වූ නමුත් දිවා ආහාරයට පෙර නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූ නමුත් එය කෙසේවත් ඔවුන්ගේ සැනසීමට හේතුවක් නම් නොවීය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 2 කට ලකුණු 84 ක් ලබා සිටි නවසීලන්ත පිතිකරුවෝ දිවා ආහාරයත් තේ පානයත් අතරතුරදී ලකුණු 131 ක් ලබාගත්හ. දිවා ආහාරයෙන් පසුව සිය ශතකය සම්පූර්ණ කිරීමට නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් සමත් වූ හෙයින් තේ පානය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියේය.
ප‍්‍රහාරය ආරම්භ වූයේ තේ පානයෙන් අනතුරුව මැකලම් සහ නීෂම් දෙදෙනා එක්ව ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සියලූ දෙනාම ඔසවා පොළොවේ ගසමින් ඔවුන්ගේ කොඳු නාරටිය බිඳ දැමීමෙන් පසුවය.
තේ පානයෙන් පසුව පිට පිට ඕවර 4 කදී ලකුණු 6, 5, 7 ක් සහ 8 ක් වශයෙන් ලබාගත් මැකලම් සහ නීෂම් දෙදෙනාගෙන් අනුකම්පා විරහිත සෙයියාවකට පිළිපන් නවසීලන්ත නායකයා සුරංග ලක්මාල් විසින් යවන ලද 57 වැනි ඕවරයේදී ලකුණු 26 ක් උදුරා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ඉනිමේ 57 වැනි ඕවරයේ සිට ඕවර 5 කදී මෙම පිතිකරුවන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 65 කි. එම ඕවර 5 දී ලකුණු ලබාගැනීම වාර්තා වූයේ 26, 12, 10, 10 සහ 7 ක් වශයෙනි.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන්ම පන්දු යැවීම තෝරාගත් නමුත් ඔහුගේ ආරම්භක පන්දු යවන්නෝ දෙදෙනාම තම තමන්ගේ පළමු පන්දුව යැවූ අවස්ථාවේදීම ලිස්සා වැටුණහ.
නැගී සිටි සුරංග ලක්මාල් නැවතත් සිය පන්දු යැවීමේ සීමාව කරා පියනැගූ නමුත් ලිස්සා වැටීම නිසා වම් පාදයේ වළලූකර ඇතිවූ වේදනාවට ප‍්‍රතිකාර ගැනීම සඳහා ශමින්ද එරංගට කී‍්‍රඩාගාරයේ සිටි භෞතචිකිත්සකවරයකුගේ සේවය අවශ්‍ය විය.
තණතීරුවේ තිබූ තණකොළ තවදුරටත් නිසි පරිදි සැකසීම සඳහා කී‍්‍රඩාංගණ සේවකයන් සූදානම් වූ නමුත් කී‍්‍රඩාංගණයට ගෙනගිය තණකොළ කපන යන්ත‍්‍රය පණගැන්වීමකින් තොරවම ආපසු පිටියෙන් ඉවත් කරන ලදි.
එවන් තණකොළ සහිත තණතීරුවකදී වුවත් පළමු හෝරාවේදී හමීෂ් රදර්ෆඞ්ට සහ ටොම් ලේතම්ට අභියෝගයක් වීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ. කෙසේ වෙතත් මුලූ ලකුණු සංඛ්‍යාව 37 ක් වෙද්දී කඩුල්ල තුළට ඇදී ආ ලක්මාල්ගේ පන්දුවකින් රදර්ෆර්ඞ්ගේ ඉනිම අවසන් විය.
දිවා ආහාරයට විනාඩි 15 ක් තිබියදී, ලේතම්ගේ පිත්තේ පිටත දාරයේ ගැටුණු ශමින්ද එරංගගේ පන්දුවක් බැලූමක් ඉහළ නගින්නාක් මෙන් ගුවනට ඇදී කෝඩුකාර තරිඳු කෞෂාල්ගේ දෑත් අතර සැගවී ගියේය.
ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනයේදීම (පෙබරවාරි 14 වැනිදා) පැවැත්වෙන පළමු තරග දෙකින් එකක් වන ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය පැවැත්වෙන්නේද මෙම කී‍්‍රඩාංගණයේදීමය. වසර 2011 පෙබරවාරි මාසයේදී ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව ක‍්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන පළමු අන්තර්ජාතික කි‍්‍රකට් තරගයද මෙයයි.
ක‍්‍රයිස්ට්චර්ච් නුවර පැවැති අවසන් අන්තර්ජාතික තරගය වන්නේ 2006 දී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගයයි. එම තරගය පැවැති ලැන්කැස්ටර් උද්‍යාන කී‍්‍රඩාංගණය භූමිකම්පාව නිසා විනාශ වී ගොසිනි.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.