Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළාත් ශූරතාව බස්නාහිර (මධ්‍යම) පිලට

පළාත් ශූරතාව බස්නාහිර (මධ්‍යම) පිලට

Nisanka Sandeepani - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජයගනිමින් ශූරතාව හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.

සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයක් හිමිකරගත් බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම් ක්‍රීඩකයෝ ශූරතාව තමන් සතුකර ගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 225 ක් පමණි.

අර්ධ ශතක ලබාගනිමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. කමිල් මිෂාර පන්දු 97 කදී ලකුණු 72 ක් රැස්කළ අතර පසිඳු සූරියබණ්ඩාර පන්දු 84 කදී ලකුණු 56 ක් රැස්කිරීමට සමත්විය.

බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 151 ක් රැස්කරමින් ප්‍රභල මට්ටමක සිටියද අවසන් කඩුලු 8 ලකුණු 74 ක් තුළ දවාගැනීමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.

අවිශ්ක තරිඳු 39 කඩුලු 3 ක් ද රවිඳු ප්‍රනාන්දු සහ මහේෂ් තීක්‍ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 209 ක් පමණි.

පළමු ඕවර අවසන් පන්දුවේදී පළමු කඩුල්ල ලෙස ශෙහාන් ප්‍රනාන්දු දැවී යාමත් සමගින් නායක අශාන් ප්‍රනාන්දු සමගින් එක්වූ මොහොමඞ් සමාස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

පන්දු 53 කදී ලකුණු 49 ක් රැස්කර සිටි මොහොමඩු සමාස් 18 වැනි ඕවරයේදී දුවද්දී දැවීයාමකට හසුකරගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත්විය.

ලකුණු පුවරුව 86 ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස මොහොමඞ් සමාස් දැවීගිය අතර බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට තවත් ලකුණු 2 ක් එක්වන විටදී අශාන් ප්‍රනාන්දු සහ කමේෂ් නිර්මාල් දවාගනිමින් ජයග්‍රහණය කරා යමින් සිටි ඔවුන්ගේ ගමන අඩාල කිරීමට සොනාල් දිනූෂ සහ දුනිත් වෙල්ලාලගේ සමත්වූහ.

අවිශ්ක තරිඳු (32) සහ රවිඳු ප්‍රනාන්දු (28) එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැඟුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සොනාල් දිනූෂ සිය ඕවර 10 තුළදී ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් දුනිත් වෙල්ලලගේ ලකුණු 40 කට කඩුලු 2 ක් දවාගත්තේය.

බස්නාහිර (මධ්‍යම) - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(කමිල් මිෂාර 72, පසිඳු සූරියබණ්ඩාර 56, අවිශ්ක පෙරේරා 30, අවිශ්ක තරිඳු 39/3, රවිඳු ප්‍රනාන්දු 36/2, මහේෂ් තීක්‍ෂණ 47/2)

බස්නාහිර (උතුර) - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 209
(අශාන් ප්‍රනාන්දු 34, මොහොමඩු සමාස් 49, අවිශ්ක තරිඳු 32, රවිඳු ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 22/4, දුනිත් වෙල්ලලගේ 40/2)

 


අදහස් (0)

පළාත් ශූරතාව බස්නාහිර (මධ්‍යම) පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.