Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුදින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අෂාන් ප්‍රියන්ජන්ටත්, එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගටත් පැවරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින කණ්ඩායමේ උප නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරාද, ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස මිලින්ද සිරිවර්ධනද නම් කර ඇත.
සිවුදින තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගිවීම සඳහා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ඊයේ (30 වැනිදා) පස්වරුවේ දිවයිනට පැමිණියේය. සිවුදින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී දෙදින පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතය.
දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය ජනවාරි මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැන්න 13 වැනිදා සිට 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි පළමු (19 වැනිදා) සහ දෙවැනි (21 වැනිදා) එක්දින තරගද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි (24 වැනිදා) සහ සිවුවැනි (26 වැනිදා) එක්දින තරග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීද, අවසන් (29 වැනිදා) එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සංචිතය
අෂාන් ප්‍රියන්ජන් (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු මිලන්ත, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, මනෝජ් සරත්චන්ද්‍ර, ලසිත් ඇඹුල්දෙණිය, නිෂාන් පීරිස්, අමිල අපොන්සු, නිසල තාරක, චාමික කරුණාරත්න, ෂෙහාන් මධුෂංක, මොහොමඞ් ශිරාස් සහ දිනේෂ් ගුණරත්න
ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය
උපුල් තරංග (නායක), මිලින්ද සිරිවර්ධන (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, ඉසුරු උදාන සහ ඉෂාන් ජයරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.