Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය කඩුලු 7 කින් ජයගනී

පාකිස්තානය කඩුලු 7 කින් ජයගනී

ශනුක අරවින්ද - 2018 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ්‍රලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව හරාරේ ක්‍රීඩාගණයේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කළ නායක සර්ෆරාස් අහමඞ්, ෂොයබ් මලික් (නොදැවී 12) සමග එක්ව පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර හුසේන් ටලට් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සොලමන් මීර් පන්දු 63 කදී ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

ටරිසායි මුසකන්ඩා (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩැගීමටද මීර් සමත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ මුසකන්ඩාගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිකිකරු චෙපාස් සුවායෝ පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කළේය.

සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 162
(චෙපාස් සුවායෝ 24, සොලමන් මීර් 94, ටරිසායි මුසකන්ඩා 33)

පාකිස්තානය - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 163
(ෆකාර් සමාන් 47, හාරිස් සොහේල් 16, හුසේන් ටලට් 44, සර්ෆරාස් අහමඞ් නොදැවී 38)

-036

 


අදහස් (0)

පාකිස්තානය කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.