Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව නිමාවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් ඕවර 6.5 ක් අවසානයේ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියහ. ඒ වන විට ආරම්භක පිතිකරු ජෝජ් වෝකර් හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, හෙන්රි නිකලස් හතරේ පහරක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
නවසීලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වෙමින් සෙසු ආරම්භක පිතිකරුවා වූ කොලින් මුන්රෝ ලකුණු නොළබාම දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 279 ක් ලබාගත්තේය. පාකිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ බාබර් අසාම් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණ 92 ක් රැස්කළේය.
ලකුණු 98 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී හාරිස් සොහේල් (60) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් වූ අතර පන්දු 59 කදී වාර්තා වූ සොහේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ආබාධයක් හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවීය. ඔහු වෙනුවට මෙම තරගයේදී පාකිස්තාන ඉනිම ඇරඹූ මොහොමඞ් හෆීස් (19), සෙසු ආරම්භක පිතිකරු ෆකාර් සමාන් (65) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 84 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලොකී ෆර්ගියුසන් කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 10 ලකුණු 45 කට සීමා කරමිනි. පාකිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම ලකුණු 29 ක් තුළ බිඳ දැමීමට ෆර්ගියුසන් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 279
(ෆකාර් සමාන් 65, මොහොමඞ් හෆීස් 19, බාබර් අසාම් 92, නොදැවී හාරිස් සොහේල් 60, ෂොයිබ් මලික් 18, ලොකී ෆර්ගියුසන් 45/5)
නවසීලන්තය - ඕවර 6.5 කදී කඩුල්ලක් දැවී 35
(ජෝජ් වෝකර් නොදැවී 18, හෙන්රි නිකලස් නොදැවී 15)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.