Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහි ෂෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (18 වැනිදා) නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 249 කට සීමාකළ පාකිස්තානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හිමිවිය.
තරගය අවසන්වීමට තවත් දින දෙකක් ඉතිරිව ඇති අතර කඩුලු 10ම අතැති පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 139 ක් අවශ්‍යව ඇත.
දෙවැනි දිනය සඳහා ඊයේ (17) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 56 ක් රැස්කර සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 193 ක් පමණි.
අර්ධ ශතක ලබාගනිමින් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ බී.ජේ. වොට්ලින් (59) සහ හෙන්රි නිකලස් (55) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 112 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
ලකුණු 220 කට කඩුලු 4 ක් දැවී ඉතා හොද තත්වයක නවසීලන්ත කණ්ඩායම පසුවුවද බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අවසන් කඩුලු 6 ලකුණු 29 ක් තුළ දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ.
දකුණතින් වේගපන්දු යවන හසන් අලී ලකුණු 45 කට නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ අතර දකුණතින් පාදඟ පන්දු යවන යසීර් ෂා සෙසු පිතිකරුවන් පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.
තෙවැනි දිනයට තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 37 ක් රැස්කර සිටියේය.
ඉමාම් උල් හක් ලකුණු 25 ක් සහ මොහොමඞ් හෆීස් ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 153
(කේන් විලියම්සන් 63, හෙන්රි නිකලස් 28, යසීර් ෂා 54/3, හරිස් සොහෙල් 11/2, මොහොමඞ් අබ්බාස් 13/2, හසන් අලී 38/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 227
(මොහොමඞ් හෆීස් 20, හරිස් සොහෙල් 22, හාරිස් සොහේල් 38, අසාද් ෂෆීක් 43, බාබර් අසාම් 62, ටේරන්ට් බෝල්ට් 54/4, කොලින් ඩි’ ග්‍රෑන්ඞ්හෝම් 30/2, අජාස් පටේල් 64/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 249
(ජීත් රාවල් 46, කේන් විලියම්සන් 37, හෙන්රි නිකලස් 55, බී.ජේ. වොට්ලින් 59, හසන් අලී 45/5, යසීර් ෂා 110/5)
පාකිස්තාන දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 37
(ඉමාම් උල් හක් නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.