Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය කඩුලු 4 කට ලකුණු 207

පාකිස්තානය කඩුලු 4 කට ලකුණු 207

Nisanka Sandeepani - 2018 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහිදී ඊයේ (24) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් රැස්කිරීමට සමත්විය.

පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 25 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කොලින් ඩි ග්‍රැන්ඩෝම් සමත්විය.

තෙවැනි කඩුල්ල සඳහා එක්වූ අසාර් අලී සහ හැරිස් සොහෙල් ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පාකිස්තාන ඉනිම ගොඩනැගීමට සමත්වූහ. පන්දු 187 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් රැස්කර සිටි අසාර් අලී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවීම නිසා එම සම්බන්ධතාවයට තිත තැබුණි.

දිනය නිමාවන විට හැරිස් සොහෙල් ලකුණු 81 ක් සහ බාබර් අසාම් ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු 240 කට මුහුණුන් හැරිස් සොහෙල්ගේ ඉනිමට හතරේ 10 ක් ඇතුළත් විය.

පාකිස්තාන පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී 207
(අසාර් අලී 81, හැරිස් සොහෙල් නොදැවී 81, කොලින් ඩි ග්‍රැන්ඩෝම් 31/2)

 

 

ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි


අදහස් (0)

පාකිස්තානය කඩුලු 4 කට ලකුණු 207

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.