Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය 2-1 ලෙස පෙරමුණ ගනී

පාකිස්තානය 2-1 ලෙස පෙරමුණ ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජා අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 147 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත්විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්ව සිටියි.

ජයග‍්‍රහණය ලකුණු 365 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිලට  ඕවර 38.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 217 ක් පමණි.

නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කේන් විලියම්සන් පන්දු 52 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් ලබාගත් අතර ලූක් රොන්චි පන්දු 40 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය.

පාකිස්තාන පිලේ දඟ පන්දු යවන්නන් වූ හැරිස් සොහේල් සහ ශහීඞ් අෆිරිඩි කඩුලූ 3 බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 364 ක් ලබාගත්තේය.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ අහමඞ් ශේසාඞ් ලකුණු 113 ක් රැස්කිරීමට සමත් විය. පන්දු 120 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය.

තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ශේසාඞ්ට අගනා සහයක් දුන් ශහීඞ් අෆ්රිඩි පන්දු 26 කින් වේගවත් ලකුණු 55 ක් රැුස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි.

නවසීලන්ත පිලේ සාර්ථකම පන්දු යවන්නා වූ මැට් හෙන්රි ලකුණු 69 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

 

පාකිස්තානය -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 364
(මොහොමඞ් හෆීස් 33, අහමඞ් ශේසාඞ් 113, යුනිස් ඛාන් 35, අසාද් ශෆීක් 23, ශහීඞ් අෆ්රිඩි 55, හැරිස් සොහේල් 39, සෆ්රාස් අහමඞ් නොදැවී 30, සොහේල් තන්වීර් නොදැවී 17, මැට් හෙන්රි 36/3)

නවසීලන්තය -  ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 217
(කේන් විලියම්සන් 46, රොස් ටේලර් 31, ටොම් ලේතම් 34, කෝරි ඇන්ඩසන් 19, ලූක් රොන්චි 41, නේදන් මැකලම් 15, ශහීඞ් අෆිරිඩි 37/3, හැරිස් සොහේල් 45/3, මොහොමඞ් ඉර්ෆාන් 26/2)

 

- 036


අදහස් (0)

පාකිස්තානය 2-1 ලෙස පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.