Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී අද (13 වැනිදා) පැවැති වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිතිකරුවෝ ඕවර 32.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී සාඞ් ඛාන් (22) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොහේල් නසීර් (48) පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහාහී මාවත වෙත යොමු කළේය. පන්දු 58 කදී වාර්තා වූ නසීර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඔහුට අර්ධ ශකතකය පෙනි පෙනී පිටියෙන් ඉවත් වීමට සිදුවිය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී මුනීර් රියාස් සහ මුහම්මද් මූසා කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඔවුන්ට අනගි සහායක් දුන් ශාහීන් අෆ්රිඩි ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අෂේන් බණ්ඩාර පන්දු 95 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක් රැස්කළ අතර මුනීර් රියාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටියදී දැවී ගියේය. බණ්ඩාර හැරුණු කොට ලකුණු 15 සීමාව ඉක්මවා ගිය එක පිතිකරුවා වූ කෙවින් කොත්තිගොඩ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළේ පන්දු 35 කට මුහුණ දෙමිනි.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 141
(අෂේන් බණ්ඩාර 49, නුවනිඳු ප්‍රනාන්දු 14, කෙවින් කොත්තිගොඩ 20, මුහම්මද් මූසා 25/3, මුනීර් රියාස් 30/3, ශාහීන් අෆ්රිඩි 19/2)
පාකිස්තාන යොවුන් පිල - ඕවර 32.1 කදී කඩුලු 7 ක් දැවී 142
(මොහොමඞ් තාහා 31, රොහේල් නසීර් 48, සාඞ් ඛාන් 22, ප්‍රවීන් ජයවික්‍රම 28/4)
(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සභාවේ නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.