Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ එන්.සී.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයවූ අද (21 වැනිදා) එන්.සී.සී කණ්ඩායමේ පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්විය. මෙවර තරගාවලියේදී වාර්තාවූ පළමු ද්විත්ව ශතකය වන්නේය.
පළමු දිනයට ඊයේ (20 වැනිදා) තරගය අවසන් කරනවිට ලකුණු 188 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක සිය මංගල ද්විත්ව ශතකය අද සම්පූර්ණ කිරීමට සමත්විය. පන්දු 247 කට පහරදුන් පැතුම්ගේ ඉනිමට හතරේ පහර 26 ක් ඇතුලත්විය.
ලකුණු 500 කඩයිම පසුකළ එන්.සි.සී කණ්ඩායම ඉනිම අත්හිටුවා යුදහමුදා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.
චතුරංග ද සිල්වා (102) ශතකයක්ද උපුල් තරංග (53), ඇන්ජලෝ පෙරේරා (59) සහ මහේල උඩවත්ත (නොදැවී 61) අර්ධ ශතක ලබාගනිමින් එන්.සී.සී. කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
දෙවැනි දිනයවූ අද තරගය නිමාවන විටදී කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් රැස්කිරීමට යුදහමුදා කණ්ඩායම සමත්විය. ලක්ෂාන් එදිරිසිංහ (84) සහ දුශාන් විමුක්ති (71) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 5 ක් එස්.එස්.සී, කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, මූවර්ස් සහ බී.ආර්.සී යන ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවිය.
එහිදී හලාවත මේරියන්ස් පිලේ ඕෂද ප්‍රනාන්දු (147), කෝල්ට්ස් පිලේ අසිත ප්‍රනාන්දු (101), වරාය අධිකාරිය පිලේ රමේෂ් නිමන්ත (120) සහ රුවිඳු ගුණසේකර (105) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
එන්.සී.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී 500/5, යුදහමුදාව 199/5
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 96.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 500
(උපුල් තරංග 53, පැතුම් නිස්සංක නොදැවී 206, ඇන්ජලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 102, මහේල උඩවත්ත නොදැවී 61, මල්ක මදුසංක 116/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 199
(ලක්ෂාන් එදිරිසිංහ 84, දුශාන් විමුක්ති 71, චතුරංග ද සිල්වා 17/2)
එස්.එස්.සී සහ බදුරලිය කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
බදුරලිය පිල 227/6
බදුරලිය - පළමු ඉනිම - ඕවර 72.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 227
(අලංකාර අසංක 41, නදීර නාවල 26, ටටෙන්ඩර් ටයිබු 39, සුබ්‍රමේනියන් ආනන්ද් නොදැවී 58, කෝසල කුලසේකර 21, දෙනුවන් රාජකරුණා නොදැවී 20, දම්මික ප්‍රසාද් 30/2, සචිත්‍ර සේනානායක 62/2)
හලාවත මේරියන්ස් සහ මූවර්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පිල 289/6
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 66 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 289
(යශෝද ලංකා 54, ඕෂද ප්‍රනාන්දු 147, ජේ රාකේෂ් 27, තරිඳු කෞෂාල් 96/4)
කෝල්ට්ස් සහ මීගමුව කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් 243, මීගමුව 26/1
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 69.4 කදී සියලුදෙනා දැවී ලකුණු 243
(කුසල් ජනිත් 23, අසිත ප්‍රනාන්දු 101, විශාද් රංදික 40, ජෙහාන් ඩැනියල් 23, උපුල් ඉන්ද්‍රසිරි 85/4, සඳකැන් පතිරණ 28/2, රොෂේන් ප්‍රනාන්දු 29/2)
මීගමුව - පළමු ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 26
වරාය අධිකාරිය සහ රාගම කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය 268/5
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 82 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 268
(ප්‍රිමෝෂ් පෙරේරා 24, රමේෂ් නිමන්ත 120, රුවිඳු ගුණසේකර 105, අමිල අපෝන්සු 68/2, නිශාන් පිරීස් 86/2)
බී.ආර්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. 358/5
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 358
(ලසිත් ලක්ෂාන් 20, දේශාන් ඩයස් 98, තිලකරත්න සම්පත් 64, භානුක රාජපක්ෂ 86, රුමේෂ් බුද්ධික නොදැවී 53, ගමිඳු අමරසිංහ 88/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.