Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය. ඉනිමක පරාජයකින් ගැළවීමේ අරමුණින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 25 ක් පසුපසින් සිටියි.
![]() |
![]() |
අද සවස තරගය නතර කරන විට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හතරේ පහර 12 ක් සමග ලකුණු 92 ක්ද, කමිඳු මෙන්ඩිස් හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 41 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 15 කට දැවී ගියේ ජෝෂ් ලිට්ල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලෝකන් ටකර් අතට උඩ පන්දුවක් දෙමිනි. පැතුම් නිස්සංක සහ මනෝජ් සරත්චන්ද්‍ර (28) අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 51 කට සීමාකරමින් සරත්චන්ද්‍ර කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ජොනතන් ගර්ත් සමත් විය.
එතැන් පටන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 18 ක් එක්වන විට නායක අෂාන් පියංජන්ද (19) ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ ජේම්ස් කැමරන්ගේ පන්දුවක් හමුවේ ජොනතන් ගර්ත් අතට උඩ පන්දුවක් දෙමිනි. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ඇන්ජලෝ පෙරේරාටද දෙවැනි ඉනිමේදී වැඩි යමක් කිරීමට අවස්ථාවක් නොලැබුණ අතර ලකුණු 19 ක් ලබා සිටියදී ගර්ත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා ඇන්ජලෝට ක්‍රීඩාගාරය වෙත ගොස් අසුන් ගැනීමට සිදුවිය.
දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 204 ක් පමණි. ඊයේ දිනය නිමාව වන විට ලකුණු 50 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි ඇන්ජලෝ පෙරේරා අද දිනයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 127 ක් දක්වා ඉහළ නංවාගත්තේය.
ඇන්ජලෝගේ ශතකය හතරේ පහර 17 කින් වර්ණවත් වූ අතර සම්මු අෂාන් (72) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. කෙසේ වුවත් ජේම්ස් කැමරන්ගේ පන්දුවක් හමුවේ ක්‍රේග් යංග් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ පිටියෙන් ඉවත්ව යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. සම්මු අෂාන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේම්ස් කැමරන්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පසුපෙළ සුනුවිසුණු කර දැමූවේ ලකුණු 33 ක් තුළ අවසන් කඩුලු 4 ම දවාගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කැමරන් දවාගත් කඩුලු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 303 කට සීමා කිරීම සඳහා කැමරන්ට අනගි සහායක් දුන් ක්‍රේග් යංග් ලකුණු 76 කට කඩුලු 3 ක්ද, ජොනතන් ගර්ත් ලකුණු 55 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.