Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර අද (29 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේදී එංගලන්තය පරදවා ලකුණු 3 ක සියුම් ජයක් ලබාගත් දකුණු අපි‍්‍රකාව තරගාවලියේ පළමුවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ලබන සඳුදා පැවැත්වීමට නියමිත තරගය අර්ධ අවසන් පූර්ව තරගයක තත්ත්වයට පත්ව තිබේ.
එනම් මෙම තරගාවලියේදී තවදුරටත් ඉදිරියට යාමේ අවස්ථාව පවත්වාගන්නේද නැතහොත් පළමු වටයෙන් ගමන අවසන් කරන්නේද යන්න පිළිබඳව තීරණය වන තරගයක් බවට ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර සඳුදා තරගය පත්ව තිබේ. සඳුදා තරගයෙන් ජයගන්නා කණ්ඩායම එක එල්ලේම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනී.
මේ වන විට පළමු වැනි කාණ්ඩයේදී තරග 3 කට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා පිල මෙන්ම නවසීලන්ත පිලත් තරග දෙකක් බැගින් ජයගෙන තරගයක් පරාජය වී තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකානු සහ නෙදර්ලන්ත කණ්ඩායම් වලට එරෙහිව ජයගත් අතර එංගලන්තය හමුවේ පරාජය විය. නවසීලන්තය එංගලන්ත සහ නෙදර්ලන්ත කණ්ඩායම් පරාජය කළ නමුත් දකුණු අපි‍්‍රකාව හමුවේ පරාජය විය.
ඒ අනුව ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර සඳුදා පැවැත්වෙන තරගයේ ජයග‍්‍රාහකයන්ට ප‍්‍රසාද ලකුණු 2 ක් හිමිවන බැවින් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. යම් හෙයකින් එම තරගය විසඳුමකින් තොරව අවසන් වුවහොත් දෙපිලටම ලකුණක් බැගින් හිමිවන හෙයින් ශුද්ධ ලකුණු වේගය මත ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතය.
තරග | ජය | පරාජ | ප්‍ර. ලකුණු | ශු.ල.වේ. | |
දකුණු අප්‍රිකාව | 4 | 3 | 1 | 6.00 | + 0.075 |
ශ්‍රී ලංකාව | 3 | 2 | 1 | 4.00 | + 2.199 |
නවසීලන්තය | 3 | 2 | 1 | 4.00 | + 0.362 |
එංගලන්තය | 3 | 1 | 2 | 2.00 | - 0.102 |
නෙදර්ලන්තය | 3 | 0 | 3 | 0.00 | - 2.176 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.