Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරුවන්ට අමිහිරි දවසක්

පිතිකරුවන්ට අමිහිරි දවසක්

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 
 
විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණි නමුත් අද (10 වැනිදා) ආරම්භ වූ අන්තර් ක්‍රීඩා සමාජ ‘ප්‍රධානතම’ එක්දින තරගාවලියේදී අතහැර දැමීමට සිදුවූයේ එකම තරගයක් පමණි. බ්ලූම්ෆීල්ඩ් (83/2) සහ පානදුර ක්‍රීඩා සමාජ අතර තරගයේ විසඳුමක් ලබාගත නොහැකි වූ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය නිසා තවත් තරග හයක විසඳුම් ලබාගත හැකිවිය. 
 
කණ්ඩායම් 14 ක් පිටියට පිටියට පිවිසි නමුත් ලකුණු 200 සීමාව ඉක්මවා යා හැකිවූයේ මුවර්ස් ක්‍රීඩා සමාජයට (262/4) සහ ශ්‍රී ලංකා පොලිසියට (250/8) පමණි. සෙසු කණ්ඩායම් සියල්ලේම පිතිකරුවෝ අසාර්ථක වූහ. 
 
මුවර්ස් සහ පොලිස් කණ්ඩායම් දෙකම ලකුණු 250 ඉක්මවා ලබාගත් නමුත් ශතකයක් ලබාගැනීමට කිසිම පිතිකරුවකුට නොහැකි විය. 
 
තරග ප්‍රතිඵල
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය (105/6) විසින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත මීගමුව ක්‍රිකට් සමාජය (115) පරාජය කරන ලදි.
බ්ලූම්ෆීල්ඩ් (83/2) සහ පානදුර ක්‍රීඩා සමාජ අතර තරගයේ විසඳුමක් නැත. 
රාගම ක්‍රිකට් සමාජය (142/5) විසින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (141) පරාජය කරන ලදි.
බදුරළිය ක්‍රිකට් සමාජය (178/8) විසින් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය (41) පරාජය කරන ලදි. 
සී.සී.සී. ක්‍රීඩා සමාජය (183/1) විසින් බී.ආර්.සී. ක්‍රීඩා සමාජය (182/9) පරාජය කරන ලදි. 
මුවර්ස් ක්‍රීඩා සමාජය (262/4) විසින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, මහනුවර කස්ටම්ස් (103/6) ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. 
ශ්‍රී ලංකා පොලිසිය (250/8) විසින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නුගේගොඩ ක්‍රිකට් සමාජය (157) පරාජය කරන ලදි. 
.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

අදහස් (0)

පිතිකරුවන්ට අමිහිරි දවසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.