Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පීටර්සන්ට සියල්ලම එපා වෙලාද ?

පීටර්සන්ට සියල්ලම එපා වෙලාද ?

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය පළමු ඉනිම ලකුණු 385 කින් නතර කර දැමීමට සිදු වූ නමුත් අළු බඳුන දිනාගැනීමේ වේදිකාවට තව ටිකක් ආසන්න වූ  ඕස්ටේ‍්‍රලියානුවෝ, පර්ත් නුවර බටහිර  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සංගම් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් සිවු දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ.

අද දිනයේ කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය. ඉයන් බෙල් (නොදැවී 9) සහ තුන් ඉරියව් කී‍්‍රඩක බෙන් ස්ටෝක්ස් (නොදැවී 14) පිටියේ රැඳී සිටි කී‍්‍රඩකයෝ වූහ.

එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ජයගැනීම කෙසේ වෙතත් අඩුතරමේ ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගත යුතුය. එහෙත් දැනට කඩුලූ 6 ක් පමණක් අතැතිව සිටින එංගලන්ත කණ්ඩායම තවමත්  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 205 ක් පසුපසින් සිටී.

එංගලන්ත පිලේ කඩුලූ 4 ක් බිම වැටුණද මෙම තරගාවලියේ මෙතෙක් සාර්ථකම පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට එයින් එකක් හෝ හිමිකරගත නොහැකි විය. දෙවැනි නව පන්දුව ලබාගැනීමට තවත් යැවිය යුත්තේ  ඕවර 12 ක් පමණක් බැවින් එම  ඕවර 12 තුළදී තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගැනීමෙන් එංගලන්ත පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියට කැඳවාගෙන ඒමේ බලාපොරොත්තුවක්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට ඇත.

ෂේන් වොට්සන්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට්ගේ උඩ පන්දුවක් කඩුලූ රකින්නාට හිමිවූයේ යයි විනිසුරු මාරියස් එරැස්මස් මහතා තීරණය කළ නමුත් ජෝ රූට් විනිසුරු තීන්දු විමසීමේ පිහිට පැතීය. එහෙත් විනිසුරු එරැුස්මස්ගේ තීන්දුව ආපසු හැරවීමට  සමත් සාක්‍ෂි සපයා ගැනීමට තාක්‍ෂණික කණ්ඩායම අසමත් වූයෙන් ජෝ රූට් බලාපොරොත්තු කඩවීමෙන් යුතුව, හිස දෙපසට වනමින් පිටියෙන් ඉවත් විය.

නායක ඇලිස්ටෙයාර් කුක් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටි කෙවින් පීටර්සන්ට සිය නායකයාගේ දැවීයාමෙන් පසුව සියල්ල එපාවූ බවක් දක්නට ලැබිණ.

අනතුරුව පීටර් සිඞ්ල්ගේ පන්දුවකට පීටර්සන් ගැසූ ඉවසීමෙන් තොර පහර වැරදී යාම නිසා එය විශිෂ්ට ගනයේ උඩපන්දුවක් බවට පෙරලා ගැනීමට මිචෙල් ජොන්සන්ට හැකි විය. පීටර්සන් දැවීගියේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 කඩයිම පසුකළ පස්වැනි පිතිකරුවා වීමෙන් පසුවය.
 
කෙසේ වෙතත් තරගයෙන් පසුව පුවත් පත් සාකච්ඡුාවට එක්වූ මයිකල් කාබෙරි කියා සිටියේ දෙවැනි නව පන්දුවට සාර්ථකව මුහුණ දී ගතහැකි වුවහොත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ආසන්න විය හැකි බවයි.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 385
(කි‍්‍රස් රොජර්ස් 11, ඬ්වි ඕ වෝනර් 60, ෂේන් වොට්සන් 18, මයිකල් ක්ලාක් 24, ස්ටීවන් ස්මිත් 111, බ‍්‍රැඞ් හැඩින් 55, මිචෙල් ජොන්සන් 39, පීටර් සිඞ්ල් 21, රයාන් හැරිස් 12, නේතන් ලයන් නොදැවී 17, ජේම්ස් ඇන්ඩසන් 60/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 100/3, ටිම් බ්‍රෙස්නන් 81/1, බෙන් ස්ටෝක්ස් 63/1, ගේ‍්‍රඒම් ස්වෝන් 71/2)

එංගලන්තය පළමු ඉනිම - කඩුලූ 4ක් දැවී 180
(ඇලෙස්ටෙයාර් කුක් 72, මයිකල් කාබෙරි 43, කෙවින් පීටර්සන් 19, බෙන් ස්ටෝක්ස් නොදැවී 14, රයාන් හැරිස් 26/1, ෂේන් වොට්සන් 32/1, පීටර් සිඞ්ල් 27/1, නේතන් ලයන් 39/1)

 


අදහස් (0)

පීටර්සන්ට සියල්ලම එපා වෙලාද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.