Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෙතේෂ්වර් පුජාරාගේ (123) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ඇඩිලේඞ්හිදී අද (6 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගය පළමු දිනට අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 250 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාට් කෝලී තීරණය කළද නොසිතු අයුරින් ලකුණු 41 ක් තුළ ඔවුන්ගේ පිතිකරුවන් සිවුදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෝ සමත්වූහ.
අනෙක් පසින් කඩුලු එකින් එක් බිඳ වැටුණද තම අන්තය ආරක්‍ෂාකරගත් චෙතේෂ්වර් පුජාරා සිය 16 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 250 සීමාව කරා රැගෙන යාමටද ඔහු සමත්විය.
නමුත් ලකුණක් කරා යාමට උත්සහ කිරීමේදී පැට් කමින්ස් විසින් අහුලාගත් පන්දුව කෙලින්ම කඩුල්ල වෙත එල්ල කිරීම හේතුවෙන් ඉතා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීමට චෙතේෂ්වර් පුජාරාට සිදුවිය. පන්දු 246 ක් පුරා කඩුල්ල්ලේ රැඳී සිටි පුජාරාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ලකුණු 127 කට කඩුලු 6 ක් දැවී තිබියදී හත්වැනි කඩුල්ල සඳහා එක්වූ චෙතේෂ්වර් පුජාරා සහ රවිචන්ද්‍රන් අශ්වින් එක්ව ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ශතකය පෙනි පෙනි සිටියදී 8 වැනි කඩුල්ලත් බිඳ වැටුණද ඉන් අධ්‍යෙර්යමත් නොවූ චෙතේෂ්වර් පුජාරා වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිය ශතකය සම්පූර්ණ කරගැනීමට සමත්විය. මොහොමඞ් ශාමී සමගින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 31 කදි ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඉන් ලකුණු 34 ක් පුජාරාගේ පිත්තෙන් වාර්තාවිය.
පසුගිය කාලය පුරා ලකුණු අතර රැදෙමින් කාගෙත් වැඩි අවධානය හිමිකරගෙන සිටි ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී ලකුණු 3 කට සීමාකිරීමට පැට් කමින්ස් සමත්විය.
ඕස්ටේ්‍රලියානු වේගපන්දු යවන්නන් වන මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඞ්, පැට් කමින්ස් සහ පිට දඟපන්දු යවන නේතන් ලයන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස ජස්ප්‍රීට් බුම්රා තරගයේ දෙවැනි දිනයවූ හෙට නොදැවී ලකුණු 6 ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටින මොහොමඞ් ශාමී සමගින් එක්වීමට නියමිතව ඇත.
ඉන්දීය පළමු ඉනිම - ඕවර 87.5 කදී කඩුලු 9 ක් දැවී 250
(චෙතේෂ්වර් පුජාරා 123, රෝහිත් ශර්මා 37, රිෂාබ් පාන්ට් 25. රවිචන්ද්‍රන් අශ්වින් 25, පැට් කමින්ස් 49/2, ජොෂ් හේසල්වුඞ් 52/2, මිචෙල් ස්ටාර්ක් 63/2, නේතන් ලයන් 83/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.