Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ අද (31 වැනිදා) තේ පානයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 181 ක් රැස්කරගෙන සිටියේය. චෙතේෂ්වර් පුජාරා ලකුණු 70 ක් රැස්කරමින් ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව 50 ක් වන විට ආරම්භක පිතිකරුවන්වූ ශීකර් ධවාන් (23) සහ ලෝකේෂ් රාහුල් (19) ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ස්ටුවර්ට් බ්‍රෝඞ් සමත්විය.
තෙවැන කඩුල්ල සඳහා චෙතේෂ්වර් පුජාරා සමගින් එක්ව ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක විරාට් කෝලී ලකුණු 46 ක් රැස්කර සිටියදී සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ ඇලෙස්ටයාර් කුක් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
අජින්ඛ්‍යා රහනේට (11) සහ රිෂාබ් පාන්ට (0) වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදෙමින් ඔවුන්ව පිටියෙන් ඉවත් කිරීමට බෙන් ස්ටෝක්ස් සහ මුයින් අලී සමත්වූහ.
පළමු දිනය වූ ඊයේ (30) තරගය අවසන් කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 19 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246 ක් පමණි.
එංගලන්ත පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලුදෙනා දැවී 246
(බෙන් ස්ටෝක්ස් 23, ජොස් බට්ලර් 21, මුයින් අලී 40, සෑම් කරන් 78, ජස්ප්‍රීට් බුම්රා 46/3, ඉශාන්ත් ශර්මා 26/2, රවිචන්ද්‍රන් අශ්වින් 40/2, මොහොමඞ් ශාමී 51/2)
ඉන්දීය පළමු ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 5 ක් දැවී 181
(ශීකර් ධවාන් 23, චෙතේෂ්වර් පුජාරා නොදැවී 70, විරාට් කෝලී 46, ස්ටුවර්ට් බ්‍රෝඩ් 50/2)
සෑම් කරන් පන්දුවට පහර දෙමින්....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.