Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවකු වන ඩීන් ජෝන්ස් මහතා පත්වීමට බොහෝ දුරටත් ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරය බාර ගැනීමට ඩීන් ජෝන්ස් මහතා වඩාත් උනන්දුවෙන් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඊයේ (20) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ දක්වා නව පුහුණුකරු පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
“ඇත්තටම කියන්න තාම තීරණය කරලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට තෝරා ගන්න. දේශීය විදේශීය නම් කීපයක් ඉදිරිපත් වී තිබෙනවා” යැයි එහිදී මොහාන් මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.