Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පෙරහුරු තරගයට දුර්වල කණ්ඩායමක්

පෙරහුරු තරගයට දුර්වල කණ්ඩායමක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඉන්දීය සංචාරයට මුල පුරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ පිලට එරෙහිව හෙට (11 වැනිදා) පැවැත්වෙන දෙදින පෙරහුරු තරගයකිනි. මෙම තරගය කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වන අතර එහි තණතීරුව වේග පන්දු යවන්නන්ගේ සිත් දිනාගත් තණතීරුවක් බවද වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය මේ දිනවල පැවැත්වෙන බැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායම තරමක් දුර්වල කණ්ඩායමක් වී තිබේ. මක්නිසාද යත් සභාපතිගේ පිලට ක්‍රීඩා කරනවාට වඩා තම තමන්ගේ ප්‍රාන්ත වල සිටින වඩාත් දක්‍ෂ ක්‍රීඩකයන් රංජි කුසලාන තරගාවලියට යොදා ගැනීම ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වන බැවිනි.

මෙම තරගයේදී ඉන්දිය ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා වශයෙන් කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් තෝරාගෙන ඇති අතර සංජු අයි.පී.එල්. තරගාවලියේදී මෙන්ම පළමු පෙළ තරග වලදීද හොඳ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. එහෙත් හයිද්‍රාබාද්, කේරළ, මධ්‍ය ප්‍රදේශ් සහ පන්ජාබ් ප්‍රාන්තවලින් පැමිණ සිටින සෙසු ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායමේ දෙවැනි පෙළ කණ්ඩායමටත් පහළ ක්‍රීඩකයෝ වෙති. එසේ වුවත් මෙම කණ්ඩායමේ නායකත්වයට පත්කර සිටි නමන් ඕජා ආබාධයකට පත්වීම හේතුවෙන් හදිසියේ කැඳවන ලද පන්ජාබ් ප්‍රාන්තයේ අන්මෝල්ප්‍රීත් සිං අවසන් වරට පැවැති රංජි කුෂලාන තරගයේදී ලකුණු 267 ක් ලබාගැනීමට සමත් වූවෙකි.

කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම අවධානය යොමු වී ඇත්තේ දිගු කලකින් පසුව ආපසු කණ්ඩායමට එක්වන ඇන්ජලෝ මැතිව්ස් කෙරෙහිය. පාදයේ ආබාධයක් හේතුවෙන් පාකිස්තානු තරගාවලිය අහිමි කරගත් මැතිව්ස් එයින් පසුව සහභාගි වන පළමු තරගය මෙයයි.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක සහ රොෂේන් සිල්වා


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම
සංජු සැම්සන් (නායක), අභිෂේක් ගුප්තා, ආකාශ් බන්ධාරී, අවේශ් ඛාන්, ජලාජ් සක්සේනා, ජීවාන්ජෝත් සිං, රවී කිරාන්, රොහාන් ප්‍රේම්, බී. සන්දීප්, ටැනී අග්‍රවාල්, සන්දීප් වැරියර් සහ අන්මෝල්ප්‍රීත් සිං

 


අදහස් (0)

පෙරහුරු තරගයට දුර්වල කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.