Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇන්ටිගුවාහිදී අද (5 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 18 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සුසී බේට්ස් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් ලබා සිටියදී, ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ නායිකා චමරි අතපත්තු අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියාය.

මැඩී ග්‍රීන් පන්දු 35 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර හේලි ජෙන්සන් නොදැවී ලකුණු 15 ක්ද, බ්නර්ඩින් බෙසුයිඩෙන්හෝට් නොදැවී ලකුණු 9 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ඇනා පීටර්සන් (0) සහ ඇමී සැටර්ත්වයිට් (1) දුවද්දී දවාගැනීම් වලට හසුකර ගැනීමට රෙබේකා වැන්ඩොට් සහ අමා කාංචනා සමත් වූ අතර කැටී මාටින් ලකුණු නොළබා දැවී ගියේ උදේෂිකා ප්‍රබෝධනීගේ පන්දුවක් හමුවේ ඕෂදී රණසිංහ අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 98 කට සීමා කිරීමට නවසීලන්ත පන්ද යවන්නියෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ඇමීලියා කේර් ඕවර 3 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගැනීමමට සමත් වූවාය. ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහයක් දුන් ජෙස් වැට්කින් ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත්තාය.

පිතිකාරිණියන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 35 කින් හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 98
(චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 13, ශෂිකලා සිරිවර්ධන 30, ඇමීලියා කේර් 13/4, ජෙස් වැට්ලින් 15/2)

නවසීලන්ත කාන්තා පිල - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී 99
(සුසී බේට්ස් 34, මැඩී ග්‍රීන් 36, හේලි ජෙන්සන් නොදැවී 15)

 

-036

 


අදහස් (0)

පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.