Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පෙර සූදානමකින් තොරව යථාර්ථයට මුහුණදීම

පෙර සූදානමකින් තොරව යථාර්ථයට මුහුණදීම

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට පොරතුව ඉන්දියාව සිටියේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග එක්දින තරගාවලියකට සහභාගි වෙමිනි. දෙපිලම ටෙස්ට් තරගාවලියකට සූදානම් වෙමින් සිටියහ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒ වන විට සිටියේ දීර්ඝ තරග වැලකට පසුව හොඳ විවේකයක් ලබාගන්නා අතරේම තම තමන්ගේ ශාරීරික සුවතාවන් නිසි පරිදි පවත්වාගෙන යමිනි.

එහෙත් හදිසියේ සියල්ලම වෙනස් විය.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවැති තරග දෙකින් විද්‍යමාන වූයේ ඉන්දීය පිල  ඕනෑම ආකාරයේ තරගයකට සූදානමින් සිටින බවත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් හදිසියේම නින්දෙන් අවදි වී ඇති බවත්ය. එහෙත් දෙපිලටම තුන්වැනි එක්දින තරගයටත් සූදානම් වීමට තිබේ.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි තරගය හෙට (9 වැනිදා) හයිද්‍රාබාද්හිදී රජිව් ගාන්ධි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

මේ දක්වා සිදුවී ඇති සිදුවීම් දෙස බලන කල ශී‍්‍ර ලංකා කණ්ඩායමට දොස් නැගීම අසීරුය. ඔවුන්ගේ පැත්තෙන් බලන කල්හි, බොහෝ හේතු කාරණාද සහිතව, මෙම තරගාවලිය අවාසිදායක එකකි.

කාගේත් අනුකම්පාව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබාගැනීම සඳහා මෙම කාරණා ප‍්‍රමාණවත් වූවත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අහමදාබාද්හිදී  දෙවැනි එක්දින තරගයෙන් පසුව කියා සිටියේ තමන් ”මහත් අපහසුතාවට” පත්ව සිටින බවයි.

ඇත්ත වශයෙන්ම ඔවුන් (ශී‍්‍ර ලංකා කණ්ඩායම) මෙම තරගාවලිය සඳහා සූදානම් නොවූ කණ්ඩායමකි. එහෙත් ඔවුන් තරග 5 කින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගි වෙමින් සිටිති. දැනට එයින් ඉතිරිව ඇත්තේත් තරග 3 ක් පමණි.

කොහොම වෙතත් ඔවුන් මේ ඉතිරි තරග 3 දිහා බලන්නාවූ දෘෂ්ඨිකෝණය වන්නේ එය 2015 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම වෙනුවෙන් තමන්ට ලැබුණු එක්තරා හොඳ අවස්ථාවක් වශයෙනි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ විශිෂ්ටතම ගුණාංගය වන්නේ සටන්කාමීත්වයයි. පසුගිය මාස කිහිපය තුළදී, එංගලන්තයේදීම එංගලන්තයත් මවුබිමේදී පාකිස්තානු පිලත් පරාජය කළ ආකාරයෙන් එය පැහැදිළිවම දැකගත හැකි විය. දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ශී‍්‍ර ලංකාවේදීම එක්දින තරගාවලියෙන් පරාජය වූ නමුත් ශී‍්‍ර ලාංකිකයෝ තමන්ගේ හිස් කෙළින් තබාගත්හ.

එහෙත් මෙම තරගාවලියේ මේ දක්වා ඔවුන් එවැන්නක් පෙන්නුම් කර නැත. ඇතැම් අවස්ථාවන්හිදී ඔව්හු මන්දෝත්සාහී බවක් පෙන්නුම් කරති. කිසිම කණ්ඩායමක් පරාජය වීමට කැමති නැති නමුත් ශී‍්‍ර ලංකා පිල මේ තරගාවලියේදී තවමත් ඔවුන්ගේ නියම හැකියාවෙන් කී‍්‍රඩා කර නැත.

රොජර් විජේසූරිය ඔවුන්ගේ දග පන්දු යැවීමේ පුහුණුකරුවාය. තරගයට පෙරදීම රොජර් විජේසූරිය මෙවන් කතාවක් කීවේය.

”මේ තරගාවලියට ඉස්සරවෙලා අපි සූදානම් වෙමින් හිටියේ ශී‍්‍ර ලංකාවට එන එංගලන්ත පිලට මුහුණ දෙන්නයි. කොල්ලො කට්ටිය තම තමන්ගේ ශාරීරික ව්‍යායාම වල තමයි වැඩි වශයෙන් නිරත වෙලා හිටියේ. අපේ ඉලක්කය වුණේ ඒක”
”ඒත් මේ වෙලාවේ සේරම පටලැවුණා. අවසන් මොහොතේදී කොදෙව් පිල (ඉන්දියාවට එරෙහිව පැවැති) තරගාවලියෙන් ඉවත් වුණාම අපට සේරම වෙනස් කරලා නැවතත් පුහුණුවීම් ආරම්භ කරන්න වුණා. ඒ කොහොම වුණත්, මේ කී‍්‍රඩාවේ මේ අවධියෙදි, තමන්ගේ කී‍්‍රඩාව ඉහළ තැනකට ගෙනඑන්න කී‍්‍රඩකයන්ට පුළුවන් කම තියෙන්න  ඕනෑ” යයිද රොජර් විජේසූරිය මහතා පැවසීය.

මේ දක්වා පැවැති තරග දෙක අනුව ශී‍්‍ර ලංකා පිල පෙන්නුම් කර ඇත්තේ කරුණු දෙකක් පමණි. එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 7 ක තරගාවලියට සූදානම් වීම එකකි. එම තරගාවලිය මේ මාසයේ අවසන් සතියේදී ආරම්භ වීමට නියමිතය. දෙවැන්න මෙම තරගාවලයෙන් ඉන්දියානුවන්ට කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති බවයි.

එක්දින තරග පැත්තෙන් මෙම තරගාවලිය ඉන්දියානුවන්ට වාසිදායකය. මෙම තරගාවලිය නොතිබුණේ නම් ටෙස්ට් සහ තුන්කොන් එක්දින තරගාවලියක් වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාවට යාමට සූදානම් වන ඉන්දීය පිලට ඉතිරිව තිබූ එකම තරගය වූයේ කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය පමණි. එම තුන්කොන් තරගාවලියට යන ඉන්දීය කණ්ඩායම බොහෝ විට ලෝක කුසලාන තරගාවලිය යන ඉන්දීය කණ්ඩායමම විය හැකිය.

තවත් පැත්තකින් බලන කල්හි එයම ඉන්දීය පිලට අවාසියක්ද විය හැකිය. ඉන්දීය පිලට මෙම තරගාවලිය පහසුවෙන් ජයගත හැකිවුවත් එහි වටිනාකමක් තිබේද?

තුන්කොන් තරගාවලිය හෝ ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගනු ලබන කී‍්‍රඩකයන් වඩාත් ශක්තිමත් කණ්ඩායමකට එරෙහිව තරග නොකළ බව කිසිවකුට තර්ක කළ හැකිය. ජයග‍්‍රහණයට අවශ්‍ය තරම් වටිනාකමක් නොලැබෙන කල්හි ජයග‍්‍රහණය කිරීමෙන් තේරුමක් තියේද?

”අපට කරන්න  ඕන කරන දේ පිළිබඳව අවධානය යොමුකරන තාක් කල් අනෙක් කණ්ඩායම හිතන්නේ කොහොමද කියන එක අපට වැදගත් නෑ” යයි මෙම තරග දෙකේදී ඉන්දියානුවන්ට ලැබුණේ කුමක්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඉන්දීය පිලේ තාවකාලික නායකයා වන විරාට් කෝලි පැවසීය.

”අපට ඕනෑ කරන අංශවල දියුණුවක් දකින්න පුළුවන් නම් ප‍්‍රතිවාදීන්ගෙන් වැඩක් නෑ. අප කණ්ඩායම තුළ ඇතිකරන්න හදන්නේ අන්න ඒ වගේ වාතාවරණයක් හා විශ්වාසයක්”

”අපේ කණ්ඩායම ගැන අපට ඉතා විශාල විශ්වාසයක් තිබෙනවා. අපි එයින් ඉවත බලන්නේ නෑ. තමන්ගේ කණ්ඩායම පිළිබඳව විශ්වාසය නැති තරමට ඔබ වැඩි වැඩියෙන් පීඩනය කැඳවනවා” යයිද විරාට් කෝලි පැවසීය.

කෝලි වගේම මැතිව්ස්ද වාසනාවන්තයෙකි.
මැතිව්ස් වටා සිටින මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි අති විශිෂ්ට කී‍්‍රඩකයෝ තවමත් මේ තරගාවලියට සූදානම් වී නැති ආකාරයක් පෙන්නුම් කරති. එහෙත් තමන්ගේ කීර්තිනාමය පළුදු කරගැනීමට ඔවුන් සූදානම් නැත.

මේ තුන්දෙනාගෙන් අයකුගේ තනි ඉනිමකින් ඉන්දීය පන්දු යවන්නන්ගේ ඔද තෙද සිඳ දැමිය හැකිය. එසේ නැතහොත් එක පන්දු යැවීමේ වාරයකින් සියල්ල වෙනස් කළ හැකිය. නුවන් කුලසේකර මේ තරගාවලියේදී තවමත් වැඩි යමක් කර නැත. ඇතැම් විට තත්ත්වය වෙනස් කරන්නා ඔහු විය හැකිය.

එසේත් නැත්නම් සංගක්කාර - ජයවර්ධන සුසංයෝගය විය හැකිය. ඔවුන් දෙදෙනාම මේවන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටින අතර කොයි මොහොතක හෝ මේ විශිෂ්ඨ කී‍්‍රඩකයන්ගෙන් සුවිශේෂී යමක් බලාපොරොත්තු විය හැකිය. නැතහොත් මේ සියලූ දෙනාට වෙනස් අයෙක් කරළියට පිවිසිය හැකිය.

මේවායින් කුමක් සිදුවූවත් හයිද්‍රාබාද් කි‍්‍රකට් ලෝලීන්ට මතක හිටින තරගයක් දැකබලාගත හැකිවනු ඇත. එසේ නොවුණොත් එය නැවතත් තනි තුර`ගකු-ගේ තරගයක් වනු ඇත.


ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, සීකුගේ ප‍්‍රසන්න, අශාන් පි‍්‍රයන්ජන්, තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, ධම්මික ප‍්‍රසාද්, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ළහිරු ගමගේ සහ නුවන් කුලසේකර

ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), ෂිකාර් ධාවන්, අජින්ක්‍යා රහනේ, සුරේෂ් රයිනා, අම්බටි රයියදු, රවින්ද්‍ර ජදේජා, ස්ටුවර්ට් බිනී, රවිචන්ද්‍රන් අශ්වින්, රිදිමන් සභා, අක්ෂර් පතෙල්, අමිත් මිශ්රා, ධවාල් කුල්කානි, ඉෂාන්ත් ෂර්මා, උමේෂා යාදව් සහ මුරලි විජේ

 


(වාර්තාව සහ ඡායාරූපය - විස්ඩන් ඉන්දියා අනුග‍්‍රහයෙනි)


අදහස් (1)

පෙර සූදානමකින් තොරව යථාර්ථයට මුහුණදීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.