Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු මහතා පත්කර තිබේ. හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන රුවන් කල්පගේ මහතා සහාය පුහුණුකරු ලෙස පත්වීම් ලබා සිටියි.
මාවන් අතපත්තු මහතා වසර දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කල්පගේ මහතා වසර කීපයක සිටම ශ්‍රී ලංකා පිලේ පන්දු රැුකීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි එංගලන්ත ජාතික පෝල් ෆාබ‍්‍රාස් මහතා හිටිහැටියේම එම තනතුරෙන් ඉවත්වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.
මාවන් සහ කල්පගේ යන මහත්වරු ලබන මස ආරම්භ වන අයර්ලන්ත සහ එංගලන්ත සංචාරවලදී මෙන්ම අනතුරුව දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේදීත් මෙම තනතුරුවල කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්‍ෂණයෙන් අගතැන්පත් පිතිකරුවකු ලෙස පිළිගැනෙන 43 හැවිරිදි මාවන් අතපත්තු මහතා ටෙස්ට් තරග 90 කදී ශතක 16 ක් සහ අර්ධ ශතක 17 ක් සමගින් ලකුණු 5,502 ක් රැුස්කර ඇති අතර ඒ මහතා එක්දින තරග 268 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 59 ක් සමගින් ලකුණු 8,529 ක් ද රැස්කර තිබේ.
ශ‍්‍රී ලංකා පිලේ හිටපු දක්‍ෂ පන්දු රකින්නකු වන කල්පගේ මහතා ටෙස්ට් තරග 11 කදී සහ එක්දින තරග 86 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.