Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව ශිලාත්හි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (17 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ ඕවර 10.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.
කීමෝ පොල් (නොදැවී 28) සහ නිකලස් පූරන් (නොදැවී 23) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 32 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 14 කට මුහුණදුන් පොල් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 17 කදී වාර්තා වූ පූරන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 23 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 55 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. එවින් ලුවිස් (18) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝප් සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ ලකුණු 129 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශෙල්ඩන් කොටේ්‍රල්, කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කරමිනි.
පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යද්දී බංග්ලාදේශ ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ නායක සකීබ් අල් හසන් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය.
බංග්ලාදේශ පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 129
(සකීබ් අල් හසන් 61, අරිෆුල් හක් 17, ශෙල්ඩන් කොට්‍රේල් 28/4, කීමෝ පෝල් 23/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 10.5 කදී කඩුලු 2 ක් දැවී 130
(එවින් ලුවිස් 18, ශායි හෝප් 55, නිකලස් පූරන් නොදැවී 23, කීමෝ පෝල් නොදැවී 28)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.