Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරුවෝ පන්ජාබ් පිල දිනවති

පිතිකරුවෝ පන්ජාබ් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මොහාලිහිදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ලොකේෂ් රාහුල් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ක්‍රිස් ගේල් (40) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල්, ඉන් නොනැවතී මායන්ක් අගර්වාල් (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

පන්දු 24 කට මුහුණදුන් ගේල්, දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය. මෙම තරගයේදී එල්ල කළ හයේ පහර 4 ත් සමගින් අයි.පී.එල්. ඉතිහාසයේ හයේ පහර 300 ක් එල්ල කළ එම ක්‍රීඩකයා බවට පත්වීමටද ගේල්ට හැකි විය. පන්දු 21 කදී වාර්තා වූ අගර්වාල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

අතරමගදී කඩා වැටුණු මුම්බායි ඉනිම පන්දු 19 කින් ලකුණු 31 ක් ලබාගත් හර්දික් පාණ්ඩ්‍යා විසින් ගොඩගන්නා ලද නමුත් මුම්බායි ඉනිම ලකුණු 176 කට නතර කරගැනීමට පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ.
පන්දු 39 කින් ලකුණු 60 ක් ලබාගත් ක්වින්ටින් ඩි කොක් පිටියේ රැඳී සිටියදී මුම්බායි අපේක්‍ෂාව වූයේ ලකුණු 200 කඩයිම පසුකර යාම වුවත් ඩි’කොක් දැවී යාමෙන් පසුව සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ. අගනා පන්දු යැවීමක නිරත වූ මුරුගන් අශ්වින් සිය ඕවර 4 දී පිතිකරුවන් ලකුණු 25 කට සීමා කරමින් කඩුලු දෙකක්ද දවාගත්තේය.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා (32) සහ ක්වින්ටින් ඩිකොක් (60) පන්දු 31 ක් ඇතුළතදී ලකුණු 52 ක සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් රෝහිත් ෂර්මා නිකරුනේ දැවී ගියේය. රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රෝහිත් ෂර්මා දැවී ගිය නමුත් රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් දැකගත හැකිවූයේ එය නොදැවීමක් බවයි.

කෙසේ වෙතත් විනිසුරු තීරණය විමසීමේ අවස්ථාව රෝහිත් ෂර්මාට තිබුණ නමුත් ඔහු එය ප්‍රයෝජනයට නොගත්තේය.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176
(රෝහිත් ෂර්මා 32, ක්වින්ටින් ඩි’කොක් 60, සූර්යකුමාර් යාදව් 11, යුවරාජ් සිං 18, හර්දික් පාණ්ඩ්‍යා 31, මුරුගන් අශ්වින් 25/2, හාර්ඩස් විලියොන් 40/2, මොහොමඞ් ෂාමි 42/2)


කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 18.4 කදී කඩුලු 2 ක් දැවී 177
(ලෝකේෂ් රාහුල් නොදැවී 71, ක්‍රිස් ගේල් 40, මායන්ක් අගර්වාල් 43, ඬේවිඞ් මිලර් නොදැවී 15, කෘනාල් පාණ්ඩ්‍යා 43/2)

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි
- 036

 


අදහස් (0)

පිතිකරුවෝ පන්ජාබ් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.