Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පින්න අපේ අවාසියට හිටියා - චන්දිමාල්

පින්න අපේ අවාසියට හිටියා - චන්දිමාල්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


 


රාති‍්‍රයේ පැවැති පින්න නිසා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට ඔවුන්ගේ හොඳම දස්කම් දක්වන්නට බැරිවූ බවත් තම කණ්ඩායම මුහුණ දුන් විශාලතම අවාසිය පින්න බවත් එංගලන්තය සමග පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

”අපේ පැත්තෙනුත් පොඩි පොඩි අඩුපාඩුකම් සිදුවුණා. ඊළග තරගයේදී ඒවා හදාගෙන තරග කරන්න  ඕනෑ” යයිද චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

කාසියේ වාසිය අහිම වීම නිසා පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත  ඕවර 20 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 189 ක් ලබාගත් නමුත් එංගලන්ත පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී ලකුණු 190 ක් ලබාගනිමින් තරගය ජයග‍්‍රහණය කළහ.

”අපි හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තා තමයි. ඒත් අපේ පන්දු යැවීම සහ පන්දු රැකීම නිසා ඒක ආරක්‍ෂා කරගන්න අපට බැරිවුණා. අපි තරගය පැරදුණේ ඒකයි” යයිද චන්දිමාල් පැවසීය.

තරගයෙන් ජයගැනීම සඳහා සිවුවැනි  ඕවරයේ සිටම එංගලන්ත පිල  ඕවරයකදී ලකුණු 11 කට වැඩි වේගයක් පවත්වාගෙන යා යුතු වූ නමුත් ඇලෙක්ස් හේල්ස් 15 වැනි  ඕවරයේදී අජන්ත මෙන්ඩිස්ගෙන් ලකුණු 25 ක් ලබාගැනීම හේතුවෙන් තරගයේ වාසිය එංගලන්තය දෙසට නැඹුරු විය.

”ඒ තිබුණ තත්ත්වයන් යටතේත් මෙන්ඩිස් හොඳින් පන්දු යැවීමට උත්සාහ කළා. ඒත් වෙනදා තරම් ඔහුගෙන් බලපෑමක් එල්ල වුණේ නෑ. කොහොම වුණත් කණ්ඩායමක් හැටියට අපි  හැමෝම වගකීම බාරගත යුතුයි. අපි ඒතරම් හොඳින් පන්දු යැව්වේ නෑ”

”මෙන්ඩිස් කියන්නේ අපි අතර ඉන්න කඩුලූ දවාගන්නා පන්දු යවන්නෙක්. නායකයෙක් හැටියට මට ඔහු කෙරේ ලොකු විශ්වාසයක් තියෙනවා.”

”අපට ඒ වෙලාවේ කඩුලූ දවාගැනීම අවශ්‍යව තිබුණා. ඒ නිසා තමයි පන්දු යැවීම සඳහා ඔහුව දිගින් දිගටම යොදා ගත්තේ. ඒත් අවාසනාවකට වගේ අපට අවශ්‍ය කඩුලූ බිඳ වැටුණේ නෑ”

”අපට ඩිල්ෂාන්වත් යොදාගැනීමේ අවස්ථාවක් තිබුණත් අප හිතුවා මෙන්ඩිස් වඩා හොඳයි කියලා” යයි චන්දිමාල් පැවසීය.

තම කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් කුමක් කීවද එංගලන්ත පිතිකරුවන්ගේ දස්කම් වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු ගෞරවය දැක්වීමටද ශී‍්‍ර ලංකා නායකයා අමතක නොකිරීම යහපත් ලක්‍ෂණයකි.

”අපි ඉතාමත් හොඳට පන්දුවට පහර දුන්නා තමයි. ඒත් වඩාත්ම වැදගත් දේ වුණේ එංගලන්ත ඉනිමේදී මෝගන් හොඳින් පන්දුවට පහර දෙමින් එංගලන්ත පිලට අවශ්‍ය ජවය එක්කිරීමයි.......”

”ඉන් පස්සේ (ඇලෙක්ස්) හේල්ස් ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් පන්දුවට පහර දුන්නා...තරගය ජයගැනීමේ ගෞරවය එංගලන්ත පිතිකරුවන්ට හිමිවිය යුතුමයි”
”එංගලන්ත පිතිකරුවකුගෙන් මා දුටු විශිෂ්ටතම ඉනිම එයයි” යයිද චන්දිමාල් පැවසීය.

අවසන් වරට පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලි තුනේදීම (2009, 2010 සහ 2012) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ඇති අභියෝගය වටහාගෙන සිටින චන්දිමාල් නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතුම බවද කියයි.

”නවසීලන්ත තරගය සඳහා කිසියම් වෙනසක් වේවි. ඒත් අපි ඒ ගැන තවමත් තීරණය කරලා නෑ. තත්ත්වය බලලා ඒ ගැන තීරණයක් ගන්න  ඕනෑ”

”කණ්ඩායමක් හැටියට අපි දැන් වැටුණ තැනින් නැගිටලා ඊළග තරගය දිනන්න  ඕනෑ..බලමු..” යයිද හෙතෙම පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර තරගය සඳුදා පැවැත්වේ. මෙම තරගය ආරම්භ වන්නේද බංග්ලාදේශයේ වේලාවෙන් රාතී‍්‍ර 7.30 ට වන බැවින් පින්න සහ කාසියේ වාසිය තීරණාත්මක සාධකයන් වන ඇත.


අදහස් (2)

පින්න අපේ අවාසියට හිටියා - චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.