Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරු අනුපිළිවෙල හිසරදයක් වෙයි

පිතිකරු අනුපිළිවෙල හිසරදයක් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
පිතිකරු අනුපිළිවෙල නිසියාකාරව පෙළගස්වා ගැනීමේ අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පිතිකරුණ අනුපිළිවෙලක් සොයාගැනිමට උත්සහ ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් මහතා පළමු එක්දින තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.
 
අබුඩාබීහිදී හෙට (16 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී නිසි අනුපිළිවෙලකට අනුව පිතිකරුවන් පිටියට යැවීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් මේ දක්වා පිට පිට ලැබූ පරාජයන් වැලට තිත තැබීමට එය පිටිවහලක් වනු ඇත.
 
ලෝක කුසලාන තරගාවලිය එන්න එන්නම ලංවෙන බවත් පිතිකරුවන්ගේ විශ්වාසය  පිරිහී ඇත්තේ මේ වසරේ තරග දැඩි ලෙස පරාජයවීම නිසාත් බව පොතාස් මහතා පවසනවා. අංක 3 ස්ථානයේ ප්‍රශ්නය තවමත් තිබෙන බව පවසන පොතාස් මහතා එම ස්ථානය කුසල්ගෙන් තිරිමාන්නටත් දැන් චන්දිමාල්ටත් ලබා දී තිබෙන නිසා මේ අනුපිලිවල ආයෙත් වෙනස් නොකරන බව පවසනවා. තිරිමාන්න සහ චන්දිමාල්ට දිගු ඉනිම් ක්‍රීඩා කල හැකිවීමත් කුසල්ට දගපන්දු යවන්නන්ට හොඳට මුහුණ දිය හැකි වීමත් මේ වෙනස්කම් වලට හේතු බවයි සදහන් කරන්නේ.
 
මේ දිනවල ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිහරඹය පිළබඳව කණගාටුවන බවත් පළමු පිතිකරුවන් හය දෙනා විසින් මහත් පරිශ්‍රමයෙන් යුතුව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බවත් පුහුණුකරු පැවසීය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ එක්දින තරග 22 න් ජයගෙන ඇත්තේ 4 ක් පමණයි. එයිනුත් එක් තරගයක් හැර අනෙක් තරග තුන සිම්බාබ්වේ හා අයර්ලන්තයයි. අපේ කණ්ඩායම මේ වන විට හොඳ මානසිකත්වයක නැති වීමත් පකිස්ථානය ශූරයන්ගේ කුසලානය ජයගැනීම හා අත්දැකීම බහුල ක්‍රීඩකයන් ඔවුන්ට සිටීමද අපගේ පසුබෑමට හේතු බව ශ්‍රී ලංකා පුහුණුකරු පවසනවා. ඔවුන් සොයාගත්තා හොද සූත්‍රයක් නමුත් අපි තවමත් සූත්‍රය සොයමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපි මේ ආකෘතියට හොද මදි. අපි ඒවාට උත්තර සොයාගත යුතුයි.
 
ලකුණු 132 කට කඩුලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සදහා ලකුණු 68 ක් එක්කර සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් මංගල අර්ධ ශතකය ලබාගත් අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ පැසසීමට පොතාස් මහතා අමතක නොකළේය.
 
කුමාර් සංගක්කාර මහතා ටුවිටර් පණිවිඩයක් යවමින් කුසල් මෙන්ඩිස් අංක 5 ට යොදා ගත්තේ ඇයි දැයි අසා සිටි අතර ඔහු යෝග්‍ය වන්නේ අංක 3 හෝ 4 යන ස්ථානයන්ට බව පවසා සිටියේය.
 
පළමු තරගයේ පන්දු රැකීමේදී දනහිස බිම වැදීම නිසා අපහසුතාවයෙන් පන්දු රැකි දිනේෂ් චන්දිමාල්ගේ තත්වය යහපත් අතට නොපැමිණියහොත් ඔහු වෙනුවට චාමර කපුගෙදර හෝ සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැදවීමට සිදුවනු ඇත.
 
පසුගිය තරගයේදී පළමු පන්දුවෙන් මිලින්ද සිරිවර්ධන දැවී ගියද ඉන්දීය තරගාවලියේදී ලකුණු අතර සිටි ඔහුගෙන් දිගු ඉනිමක් බලාපොරොත්තු විමට සිදුවනු ඇත.
 
තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා විස්සයි20 තරග සදහා යෝග්‍ය වුවද ඕවර 50 තරග වලදී දිගින් දිගටම පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වන පන්දු යවන්නෙක් බවට පත්වී ඇති අතර ඔහු වෙනුවට ආදේශක පන්දු යවන්නකු යොදා ගැනීමට සිදුවෙයි.
 
දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
 
පාකිස්තානු සංචිතය :
සර්ෆ්‍රාස් අහමඩ් (නායක), අහමඩ් ශෙෂාඩ්, ෆකර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, සදාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලි, උස්මන් ෂින්වාරි, රුමාන් රයීස්, ජුනයිඩ් ඛාන්, හාරිස් සොහේල් සහ ඉමාම් උල් හක්
 
ශ්‍රී ලංකා සංචිතය :
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ

අදහස් (0)

පිතිකරු අනුපිළිවෙල හිසරදයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.