Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර මහතා බඳවාගෙන තිබේ. වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සේවයට බඳවාගෙන ඇති සමරවීර මහතාගේ සේවා කාලය වසර 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා බලපැවැත්වේ.
වසර කිහිපයකට ඉහතදී ටෙස්ට් පිටියෙන් සමුගත් තිලාන් සමරවීර මහතා ඕස්ටේ්‍රලියාවේ පදිංචියට ගියේය. එහි සිට අවස්ථා කිහිපයකදීම සමරවීර මහතා පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ අතර පසුව පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිහරඹ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ ස්ථානය සමරවීර මහතාට හිමිවේ.
“2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඔහු අපේ පිතිහරඹ පුහුණුකරුවායි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
මේ මස 8 වැනිදා සිට ආරම්භ වන ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේ සිට සමරවීර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයට එක්වනු ඇත.
පිට දඟ පන්දු යවන්නකු වශයෙන් වසර ගණනාවක් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළද ඉන්දියාවට එරෙහිව සහභාගි වූ සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් තිලාන් සමරවීර පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු විය. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2009 දී පාකිස්තානයේ කළ සංචාරයේ ලාහෝර් නුවරදී මුහුණ දුන් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාල ලත් ක්‍රීඩකයන් අතරද තිලාන් සමරවීර මහතා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.