Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද (6 වැනිදා) සමත්විය. ඒ අනුව 1-0 ක් ලෙස තරගාවලිය ජයගත් ඉන්දිය කණ්ඩායම 2015 සිට 2017 මේ දක්වා පිට පිට තරගාවලි 9 ක් ජයගනිමින් ඕස්ටේ්‍රලියාව තබා තිබූ වාර්තාව සමකිරීමට සමත් වූයේය.
![]() |
![]() |
ජයග්‍රහණය සදහා ලකුණු 410 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 299 ක් පමණි. අද උදෑසන තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 31 කට කඩුලු 3 ක් දැවී අසරණව සිටියද පිතිකරුවෝ ශ්‍රී ලංකා පිල පරාජයෙන් ගලවා ගත්හ. තණතීරුවේ පන්දුව දඟ කැවීමක් සිදුනොවී පිතිකරුවන්ට යෝග්‍ය ආකාරයෙන් හැසිරිම නිසා අද දිනයේදී ඕවර 87 ක් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 268 ක් රැස්කළ අතර අහිමිකර ගත්තේ කඩුලු 2 ක් පමණි.
දිනය නිමාවන විට රොෂේන් සිල්වා (නොදැවී 74) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 44) ක් පන්දුවට පහරදෙමින් සිටි අතර දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු 94 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
පස්වැනි කඩුල්ල ලකුණු 147 දී බිඳ වැටීමෙන් පසුව කණ්ඩායම ඉදිරියට ගෙන ගිය ධනංජය ද සිල්වා පාදයේ ආබාධයකට ලක්වීම නිසා මුලු ලකුණු සංඛ්‍යාව 205 ක් ව තිබියදී පිටියෙන් ඉවත් විය. එතැන් සිට රොෂේන් සිල්වාට එක්වූ දික්වැල්ල දිනය අවසන් වන තුරුත් තම කඩුලු රැකගත්හ.
මංගල තරගයේ පළමු ඉනිමේදී පන්දු තුනකට පමණක් පහරදුන් රොෂේන් සිල්වා ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවූවද දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
සිය තෙවැනි ටෙස්ට් ශතකය රැස්කළ ධනංජය ද සිල්වා දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සදහා කැපවූ ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත්වන විට ලකුණු 119 ක් රැස්කර සිටියේය. පන්දු 219 කදී වාර්තාවූ ධනංජයයේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.
රොෂේන් සිල්වා සහ ධනංජය ද සිල්වා එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත් වූවද ධනංජය පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එම සම්බන්ධතාව ඉදිරියට ගෙන ගෙනගිය නොහැකි විය.
ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත උඩපන්දුවක් දෙමින් අද දින පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය. පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවන ආකාරයක් දිස්වුවද ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන්න තෙවැනි විනිසුරුගෙන් විමසීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මැතිව්ස්ට ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය.
රවිචන්ද්‍රන් අශ්වින් එවන ලද පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට ගියද නිසියාකාරව පිත්තේ නොවැදුණු පන්දුව කඩුල්ල සොයා යෑම නිසා දිනේෂ් චන්දිමාල්ට පිටියෙන් ඉවත්වන්නට සිදුවිය. පස්වැනි කඩුල්ල සදහා ධනංජය ද සිල්වා සමගින් ලකුණු 112 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දිනේෂ් චන්දිමාල්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 36 ක් පමණි.
ලකුණු 24 ක් රැස්කර සිටියදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් දැවී ගිය පසු ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන්න පරීක්‍ෂා කිරීම සදහා තෙවැනි විනිසුරුට යොමු කළේය.
පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවිම නිසා තෙවැනි විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම හේතුවෙන් චන්දිමාල්ට තව දුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.
ඉන්දියාවට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් ඉන්දියාවේදී සිවුවැනි ඉනිම සදහා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. මීට පෙර 1987 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව කඩුලු 5 කට ලකුණු 276 ක් රැස්කර තිබුණි. 1988 වසරේ සිට ඉන්දිය කණ්ඩායම දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 10 ක් ජය ගෙන තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.