Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිළිමළුන් පිටුදැකීමේ දෙදින තරග 22දා සිට

පිළිමළුන් පිටුදැකීමේ දෙදින තරග 22දා සිට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ලබන 22 වැනිදා සිට පැවැත්වීමට නියමිතය.

පාසල් අතර පැවැත්වෙන සාම්ප්‍රදායික තරගද ඇතුළත් කරමින් පැවැති මෙම තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 36 ක් සහභාගි වූ අතර මූලික වටයේදී කණ්ඩායම් 9  බැගින් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ යන කාණ්ඩ 4 යටතේ එම කණ්ඩායම් 36 තරග වැදිණ. අනතුරුව එක් එක් කාණ්ඩයෙන් ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 4 බැගින් පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා තෝරා ගෙන තිබේ.

එහිදී මහනුවර ත්‍රිත්ව විදුහල ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙසද, මීගමුව මාරිස්ටෙලා විදුහල ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙසද, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ‘සී’ කාණ්ඩයේ ශූරයන් ලෙසද, ගාල්ල මහින්ද විදුහල ‘ඩී’ කාණ්ඩයේ ශූරයන් ලෙසද පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීය.

එම විදුහල්වලට අමතරව තර්ස්ටන්, කොළඹ ඩී.එස්. සේනානායක සහ මොරටුව ශාන්ත සෙබස්තියන් යන විදුහල් ‘ඒ’ කාණ්ඩයෙන්ද, මොරටුව වේල්ස් කුමර, ගාල්ල මහින්ද සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් යන විදුහල් ‘බී’ කාණ්ඩයෙන්ද, ගාල්ල රිච්මන්ඞ්, කොළඹ නාලන්දා සහ කැලණිය ගුරුකුල යන විදුහල් ‘සී’ කාණ්ඩයෙන්ද, ගල්කිස්ස සාන්ත තෝමස්, මරදාන ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද යන විදුහල් ‘ඩී’ කාණ්ඩයෙන්ද පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා සිටියි.


පිළිමළුන් පිටුදැකීමේ දෙදින තරග පෙළගැස්ම

■    මහනුවර ත්‍රිත්ව විදුහල (ඒ 1) සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල (බී 4) අතර මහනුවරදී
■    ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල (ඩී 2) සහ කොළඹ නාලන්දා විදුහල (සී 3) අතර ගල්කිස්සේදී
■    මොරටුව වේල්ස් කුමර විදුහල (බී 2) සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල (ඒ 3) අතර මොරටුවේදී
■    බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (සී 1) සහ කොළඹ ආනන්ද විදුහල (ඩී 4) අතර බම්බලපිටියේදී
■    මීගමුව මාරිස්ටෙලා විදුහල (බී 1) සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (ඒ 4) අතර මීගමුවේදී
■    ගාල්ල රිච්මන්ඞ් විදුහල (සී 2) සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල (ඩී 3) අතර ගාල්ලේදී
■    කොළඹ තර්ස්ටන් විදුහල (ඒ 2) සහ කොළඹ මහානාම විදුහල (බී 3) අතර කොළඹදී
■    ගාල්ල මහින්ද විදුහල (ඩී 1) සහ කැලණිය ගුරුකුල විදුහල (සී 4) අතර ගාල්ලේදී


පිළිමළුන් පිටුදැකීමේ සීමිත ඕවර තරග පෙළගැස්ම

■    මහනුවර ත්‍රිත්ව විදුහල (ඒ 1) සහ කොළඹ ආනන්ද විදුහල (ඩී 4) අතර මහනුවරදී
■    ගාල්ල රිච්මන්ඞ් විදුහල (සී 2) සහ කොළඹ මහානාම විදුහල (බී 3) අතර ගාල්ලේදී
■    ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල (ඩී 2) සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල (ඒ 3) කොළඹදී
■    මීගමුව මාරිස්ටෙලා විදුහල (බී 1) සහ කැලණිය ගුරුකුල විදුහල (සී 4) අතර මීගමුවේදී
■    බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (සී 1) සහ ශාන්ත ඇලවීෂියස් විදුහල (බී 4) අතර බම්බලපිටියේදී
■    කොළඹ තර්ස්ටන් විදුහල (ඒ 2) සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල (ඩී 3) අතර කොළඹදී
■    මොරටුව වේල්ස් කුමර විදුහල (බී 2) සහ කොළඹ නාලන්දා විදුහල (සී 3) අතර මොරටුවේදී
■    ගාල්ල මහින්ද විදුහල (ඩී 1) සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (ඒ 4) අතර ගාල්ලේදී

 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ දෙදින තරග 22දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.