Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 64 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
තයිජුල් ඉස්ලාම් සහ සකීබ් අල් හසන් එක්ව කොදෙව් මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 11 කට පිටියෙන් ඉවත් කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත්වූහ.
පස්වැනි කඩුල්ල සඳහා එක්වූ සුනිල් ඇම්බ්‍රිස් සහ ශිම්රන් හෙට්මයර් කඩා වැටුණු ඉනිම ගොඩනගමින් සිටියදී ශිම්රන් හෙට්මයර් දැවී යාමත් සමගින් එම සම්බන්ධතාවය ලකුණු 33 කට අවසන් විය.
බංග්ලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණු 31 ක් එක්වන විට ශේන් ඩව්රිච් (5), දිවේන්ද්‍ර බිශූ (2) සහ කෙමාර් රෝච් දවාගැනීමට තයිජුල් ඉස්ලාම් සමත්වීමත් සමගින් කොදෙව් පිල තව තවත් පරාජයට ලංවීය.
ලකුණු 75 කට කඩුලු 8 ක් දැවී තිබියදී සුනිල් ඇම්බ්‍රිස් සමගින් එක්වූ ජොමෙල් වොරිකන් නවවැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් පිලට යම් බලාපොරොත්තුවක ගෙන ඒමට සමත්විය.
නමුත් ලකුණු 41 ක් ලබාගත් ජොමෙල් වොරිකන් දවාගැනීමට මෙහෙදි හසන් සමත්වීමත් සමගින් කොදෙව් පිලේ අවසන් බලාපොරොත්තුවද බිඳී ගියේය. පන්දු 47 කට මුහුණදුන් ජොමෙල් වොරිකන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
අවසන් කඩුල්ල ලෙස පන්දු 62 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කර සිටි සුනිල් ඇම්බි්‍රස් දැවීයාමත් සමගින් තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම කොදෙව් පිලට පරාජය හිමිවිය.
තයිජුල් ඉස්ලාම් ලකුණු 33 කට කඩුලු 6 ක්ද මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
දෙවැනි දිනට තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 55 කට කඩුලු 5 ක් අහිමිකර සිටි අතර තෙවැනි දිනයේ උදෑසනදී තවත් ලකුණු 70 කට ඉතිරි කඩුලු 5 ද ඔවුන් අහිමිකර ගත්හ.
ලකුණු 31 ක් රැස්කළ මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
දිවේන්ද්‍ර බිශූ කඩුලු 4 ක්ද රොස්ටන් චේස් කඩුලු 3 ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 125 කට සීමාකිරීමට සමත්වූහ.
බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 92.4 කදී සියලුදෙනා දැවී 324
(ඉම්රුල් කයිස් 44, මොනිමුල් හක් 120, මොහොමඩ් මිතුන් 20, සකීබ් අල් හසන් 34, මෙහෙදි හසන් 22, නයීම් හසන් 26, තයිජුල් ඉස්ලාම් නොදැවී 39, ජොමෙල් වොරිකන් 62/4, ශැනන් ගේබ්‍රිෙයල් 70/4)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - ඕවර 64 කදී සියලුදෙනා දැවී 246
(රොස්ටන් චේස් 31, ශිම්රන් හෙට්මයර් 63, ශේන් ඩව්රිච් නොදැවී 63, නයීම් හසන් 61/5, සකීබ් අල් හසන් 43/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - ඕවර 35.5 කදී සියලුදෙනා දැවී 125
(මහමුදුල්ලා 31, දිවේන්ද්‍ර බිශූ 26/4, රොස්ටන් චේස් 18/3, ජොමෙල් වොරිකන් 43/2)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී 139
(සුනිල් ඇම්බ්‍රිස් 43, ශිම්රන් හෙට්මයර් 27, ජොමෙල් වොරිකන් 41, තයිජුල් ඉස්ලාම් 33/6, මෙහෙදි හසන් 27/2, සකීබ් අල් හසන් 30/2)
ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.