Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයට 2-1 ක තරගාවලි ජයක්

බංග්ලාදේශයට 2-1 ක තරගාවලි ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටමීම් ඉක්බාල්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත්වියි. ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 287 ක් රැස්කරමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ටමීම් ඉක්බාල් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනාගත්තේය.

ශාන්ත කයිටිස්හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 302 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දිය කොදෙව් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 283 ක් පමණි. 

රෝව්මැන් පවෙල් සහ ක්‍රිස් ගේල් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් අර්ධ ශතක රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවූහ. පන්දු 41 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කිරීමට රෝව්මැන් පවෙල් සමත්විය. ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 66 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය.

මෂ්රෆී මොර්ටාසා ලකුණු 63 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 301 ක් රැස්කිරීමට සමත්විය.

තරගාවලියේ දෙවැනි ශතකය රැස්කළ ටමීම් ඉක්බාල් පන්දු 124 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.

ටමීම් ඉක්බාල්ට අනගි සහයක් ලබාදුන් මහමුදුල්ලා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් බංග්ලාදේශ පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ඈෂ්ලි නර්ස් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 301
(ටමීම් ඉක්බාල් 103, සකීබ් අල් හසන් 37, මහමුදුල්ලා නොදැවී 67, මෂ්රෆී මොර්ටාසා 36, ඈෂ්ලි නර්ස් 53/2, ජේසන් හෝල්ඩර් 55/2)

බටහිර ඉන්දිය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 283
(ක්‍රිස් ගේල් 73, ශායි හෝප් 64, ශිම්රන් හැට්මයර් 30, රෝව්මැන් පවෙල් නොදැවී 74, මෂ්රෆී මොර්තාසා 63/2)

 


අදහස් (0)

බංග්ලාදේශයට 2-1 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.