Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයට 3-0 ක සුද්දයක්

බංග්ලාදේශයට 3-0 ක සුද්දයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ දෙහෙරාදූන්හී රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 තරගය ජයගනිමින් බංග්ලාදේශයට එරෙහිව 3-0 ක සුද්දයක් දිමට ඇෆ්ගනිස්තානය ඊයේ (7 වැනිදා) සමත්විය. අවසන් ඕවරය යවන ලද රෂීඞ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තානයට හැකිවිය.

පසුගිය වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමිවීමෙන් පසුව ඇෆ්ගනිස්තානය ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය මෙය වන්නේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මුෂ්ෆීකූර් රහිම් සහ මහමුදුල්ලා සමත්වුවද බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන්ට නොහැකිවූහ.

ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට අවසන් ඕවර 2 තුළඳී ලකුණු 30 ක් අවශ්‍යවූ අතර 19 වැනි ඕවරය යවන ලද කරීම් ජානට්ට එරෙහිව හතරේ පහර 5 ක් සමගින් ලකුණු 21 ක් ලබාගැනීමට මුෂ්ෆීකූර් රහිම් සමත්විය. 

අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු 46 ක් රැස්කර සිටි මුෂ්ෆීකූර් රහිම් දවාගැනීමට රෂීඞ් ඛාන් සමත්විය. පන්දු 37 කට මුහුණදුන් මුෂ්ෆීකූර් රහිම්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්විය.

අවසන් පන්දුවට ලකුණු 4 ක් ලබාගැනීමට තිබුණද ලකුණු 45 ක් රැස්කර සිටි මහමුදුල්ලා දුවද්දී දැවීයාමට හසුවීම නිසා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි. පන්දු 38 කට මුහුණදුන් මහමුදුල්ලාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස්කිරීමට සමත්විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සමිවුල්ලා ශෙන්වාරී පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස් කළේය. අස්ගර් ස්ටැනික්සායි පන්දු 17 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබාගැනීමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ නස්මුල් ඉස්ලාම් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර අබූ ජයිඞ් ද ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මුෂ්ෆීකූර් රහිම් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ වීරයාට හිමි සම්මානය රෂීඞ් ඛාන්ට හිමිවිය.

ඇෆ්ගනිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 145
(මොහොමඩු ශසාඞ් 26, අස්ගර් ස්ටැනික්සායි 27, සමිවුල්ලා ශෙන්වාරී නොදැවී 33, නස්මුල් ඉස්ලාම් 18/2, අබූ ජයිඞ් 27/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 144
(මුෂ්ෆීකූර් රහිම් 46, මහමුදුල්ලා 45)


අදහස් (0)

බංග්ලාදේශයට 3-0 ක සුද්දයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.