Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක්

බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක්

ශනුක අරවින්ද - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම, පළමු දිනය වු අද (11 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 111 ක් ලබා සිටි අතර එය ඔහුගේ 6 වැනි ටෙස්ට් ශතකය විය. කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ නායක මහමදුල්ලා රියාද් ලකුණු ලබාගැනීම අරඹා නොතිබිණ.

දක්ෂ පිතිහරඹයක නිතර වූ මොමිනුල් හක් (161) හතරේ පහර 19 ක් සමගින් සිය 7 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර රහීම් සමග එක්ව බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 266 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය.

ටෙන්ඩායි චටාරාගේ පන්දුවක් හමුවේ බ්‍රයන් චාරි අතට උඩ පන්දුවක් මොමිනුල් පිටියෙන් ඉවත්ව යෑමත් සමග බංග්ලාදේශ සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත්විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම්ගේ ඉනිම ලකුණු 4 කට සීමා කිරීමට කයිල් ජාවිස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වාගේ සහායද ඇතිවය.

සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් කයිල් ජාවිස් මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලිටන් දාස් (9) සහ ඉම්රුල් කයිස් (0) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොහොමඞ් මිතුන් ලකුණු නොලබාම දැවී ගියේ ඩොනල්ඞ් ටිරිපානෝගේ පන්දුවක් හමුවේ බ්‍රෙන්ඩන් ටේලර් අතට උඩ පන්දුවක් දෙමිනි.

බංග්ලාදේශ කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 5 කට 303
(මොමිනුල් හක් 161, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 111, කයිල් ජාවිස් 48/3)

-036 


අදහස් (0)

බංග්ලාදේශයෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.