Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයේ වාසිය මකා දැමීමේ උත්සාහයක්

බංග්ලාදේශයේ වාසිය මකා දැමීමේ උත්සාහයක්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ලෝක කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින බංග්ලාදේශය මේ වන විට ශී‍්‍ර ලංකාවට වඩා ප‍්‍රසාද ලකුණකින් ඉදිරියෙන් සිටී. එහෙත් බංග්ලාදේශ පිලට එරෙහිව හෙට (26 වැනිදා) ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වෙන තරගය ජයගනිමින් එම ප‍්‍රසාද ලකුණේ වාසිය මකා දැමීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වෙයි.

”ඊයේ තරගය ගැන ඇෙග් ලේ වතුර වෙලා හිටියේ. තිසර ගහලා තරගය දිනාගත්ත එක හොඳයි...”

”කොහොම වුණත් බංග්ලාදේශයත් එක්ක තියෙන තරගය දිනාගත්තාම අපට තියෙන පීඩනය හුගාක් අඩුවෙනවා” යයි ඇෆ්ඝනිස්ථාන් තරගය අවසන් කර ඩනෙඩින් සිට මෙල්බර්න් එන ගමනේදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෙක් ලංකාදීපයට පැවසීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මූලික ඉලක්කය වන්නේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමයි.

”ක්වාට ෆයිනල් එකට (අර්ධ අවසන් පූර්ව වටයට) ආවට පස්සේ එතැන ඉඳන් ඒක  ඕන අතකට කැරකෙන්න පුළුවන්....ඒ හින්දා ක්වාට ෆයිනල් එකට එන පීඩනයෙන් අපි ගැලවෙන්න  ඕනා” යයිද හෙතෙම ඩනෙඩින් ගුවන් තොටුපොළේදී පැවසීය.

‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම් අතර ටෙස්ට් වරම් නොමැති ඇෆ්ඝනිස්ථානයට සහ ස්කොට්ලන්තයටත් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශී‍්‍ර ලංකාවට වඩා පහළින් සිටින බංග්ලාදේයටත් එරෙහිව ජයගත හැකි නම් ශී‍්‍ර ලංකා පිලට ප‍්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය. එහෙත් ශී‍්‍ර ලංකා පිල හමුවේ තිබෙන එකම ප‍්‍රශ්නය වන්නේ බංග්ලාදේශ පිල  ඕස්ටේ‍්‍රලියාව සමග ප‍්‍රසාද ලකුණක් බෙදා ගැනීමයි.

එවන් තත්ත්වයක් තිබියදී කිසියම් විදිහකින් ටෙස්ට් කණ්ඩායමක් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුහොත් එය ශී‍්‍ර ලංකාවේ ගමන අවහිර කරන්නකි. නැතහොත් ශී‍්‍ර ලංකා පිල අතිරේක පීඩනයකට ලක්කරන්නකි.

බංග්ලාදේශ පිල හමුවේ හොඳ පිතිකරුවන් වැලක්ම සිටින හෙයින් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්කයකින් තොර පන්දු යැවීමත් ශී‍්‍ර ලංකා නායකයාගේ හිසරදයකි. පන්දු රැුකීමත් තරමක් දුර්වල තත්ත්වයක පැවතීම එම හිසරදය වඩාත් උත්සන්න කරවන්නේ පන්දු යවන්නන්ගෙන් නිතරම ලකුණු 280 කට වැඩි ප‍්‍රමාණයක් උදුරා ගැනීමට ප‍්‍රතිවාදීන් සමත්වන බැවිනි.
 
”අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න  ඕනෑ”
”දැන් අපට ඉන්නේ මේ පන්දු යවන්නන් ටික දෙනා නිස ඔවුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න  ඕනෑ. අවාසනාවට වගේ පැයට කිලෝ මීටර 145 ඉක්මවා පන්දු යවන වැඩි දෙනෙක් අපට නෑ...ඒත් මේ ඉන්න අයගෙන් කොහොම හරි දිනාගෙන මේ තරගාවලියේ ඉදිරියට යන්න  ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා වැනි පන්දු යැවීමේ හැකියාව මෙන්ම වේගයෙන් ලකුණු ලබාගැනීමේ හැකියාවත් ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන් දෙදෙනකු සිටීම ශී‍්‍ර ලංකා නායකයාට එක අතකින් සහනයකි.

එහෙත් පිතිකරුවන් අසාර්ථක වීමේ භීතිකාව තදින්ම තිබේ. එම තත්ත්වය අනුව හෙට තරගයට උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම කැඳවාවිද නැතහොත් දෙදෙනාගෙන් අයකු පමණක් කී‍්‍රඩා කරාවිද යන්න තරගයට පැය කිහිපයකට පෙරදී පිළිතුරු සොයාගත හැකි පැනයකි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති එක්දින තරග 37 න් තරග 32 කදීම ජයගෙන ඇත්තේ ශී‍්‍ර ලංකාවයි. එහෙත් මෙම තරගය අභියෝගාත්මක තරගයක් යයි ඇතැමුන් කියන මතය හා මැතිව්ස් එකග වෙයි.

”ඔව්..මේක අභියෝගාත්මක තරගයක් තමයි”
”මෑත කාලයේදී බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ මේක ලෝක කුසලාන තරගයක්. ඒ නිසා මේක ලේසි තරගයක් නෙමේ”

”කොහොම වුණත් අපේ කී‍්‍රඩාව නියමිත මට්ටමට තියාගන්න අප දැනගන්න ඕනෑ. ඒ නිසා අප හැම තරගයක්ම කී‍්‍රඩා කරන්නේ අවසන් මහ තරගයක් නැත්නම් අවසන් පූර්ව තරගයක් වගේ” යයිද මැතිව්ස් පැවසීය.

මේ සියලූ සාධක තිබියදී ඇෆ්ඝනිස්ථානය සමග පැවැති තරගයේදී මුහුණ දුන් තත්ත්වය පිළිවඳව සුබවාදී ලෙසින් දැකීමට මැතිව්ස් පසුබට නොවේ. එක අතකට ඇෆ්ඝනිස්ථානුවන් පෙන්නුම් කළේ ටෙස්ට් කණ්ඩායමක් වුවද ඕනෑම අවස්ථාවකදී පරාජය කිරීමට පසුපෙළ කණ්ඩායමකට හැකියාව ඇති බවයි. එයින් ලද පාඩම සිහියට ගනිමින් පළමු පන්දුවේ සිටම තරගයේ පාලනය අතට ගැනීම ශී‍්‍ර ලංකා නායකයා සතු වගකීමකි. එයින් පමණක් සෑහීමට පත්විය නොහැකිය. තරගයේ අවසානය දක්වා ඒ පාලනය තමන් සන්තකයේ තබාගත යුතුය.

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 2008 සිට මේ දක්වා මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ තරග 5 න් තරග 3 ක් ම ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වී තිබේ. අනෙක් අතට මේ නවසීලන්තයද නොවේ.

නවසීලන්තයේ පවතින දැඩි ශීත ගතිය හමුවේ දස්කම් හකුළුවාගෙන සිටි ශී‍්‍ර ලංකා පිලට ඊයේ අතපය දිගහැර ව්‍යායාම කළ හැකි උෂ්ණත්වයක් මෙල්බර්න් නුවරදී පැවතිණ. හෙට උදෑසන තරමක වැස්සක් පැවතිය හැකි බවට කාලගුණ අනාවැකි වලින් කියැවෙන නමුත් තරගය දිවා/රාතී‍්‍ර තරගයක් බැවින් එයින්ද එතරම් බලපෑමක් ඇති වේ යයි අනුමාන කළ නොහැකිය.

බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මුෂ්ෆිකුර් රහීම් පෙරේදා පැවැති පුහුණුවීම් වලදී තුවාල ලැබීය. එහෙත් ඔහු හෙට තරගය සඳහා සහභාගි වීමට සුදුසු මට්ටමක සිටින බව බංග්ලාදෙශ නායක මෂ්රාෆි මොර්ටසා කියයි.

මෙල්බර්න් යනු වැඩිම ශී‍්‍ර ලාංකික පිරිසක් ජීවත්වන විදේශීය නගරය වශයෙන් පිළිගැනීමක් තිබේ. එබැවින් හෙට තරගයේදී ශී‍්‍ර ලංකා පිලට ලැබිය හැකි පේ‍්‍රක්‍ෂක ආශිර්වාදය ශී‍්‍ර ලංකාවේ තරගයකදී ලැබෙන පමණටත් වැඩියෙන් බලාපොරොත්තු විය හැක්කේ ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාංගණ දෙක තුනකම එක්රැස්වන පිරිස මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ එකවර අඩුක්කළ හැකි බැවිනි.


ශී‍්‍ර ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්,

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මොර්ටසා (නායක), අනමුල් හක්, අර්ෆත් සනී, මොහොමඞ් මහමුදුල්ලා, මොමිනුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, සබීර් රහමන්, සකිබ් අල් හසන්, සෞම්‍යා සාකර්, තයිජුල් ඉස්ලාම්, ටමීම් ඉක්බාල්, තස්කින් අහමඞ් සහ ෂාෆිවුල් ඉස්ලාම්


අදහස් (1)

බංග්ලාදේශයේ වාසිය මකා දැමීමේ උත්සාහයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.