Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය ඉන්දියාව පරදවයි

බංග්ලාදේශය ඉන්දියාව පරදවයි

Dilrukshi - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී ඊයේ (18) පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ලකුණු 79 ක වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ. ජයග‍්‍රහණ සඳහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ප‍්‍රබල ඉන්දීය පිල  ඕවර 46 කදී ලකුණු 228 කට සීමා විය.
බංග්ලාදේශය එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ සිවුවැනි අවස්ථාව මෙය වේ.

පළමු එක්දින තරගයට සහභාගි වූ 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන මුෂ්ටාෆිෂුර් රහමන් ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් ඉන්දීය ඉනිමේ විනාශකරු බවට පත්විය. මුෂ්ටාෆිෂුර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය

ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ශර්මා (63) සහ ශීකර් ධවාන් (30) ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද බංග්ලාදේශ පිලේ විශිෂ්ට පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ ඉනිම අඩපණ විය.

විරාට් කෝලි (01) සහ අජින්ක්‍යා රහනේ (09) අසාර්ථක වූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 5 කට දැවී ගියේය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් (60) සහ සෞම්‍ය සාර්කර් (54) පන්දු 82 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙම විශාල ලකුණු සංඛ්‍යාවට යෑමට අඩිතාලම දැමූහ.තමීම් ඉක්බාල් පන්දු 62 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය.

සෞම්‍ය සාර්කර් ඉන්දීය පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 40 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය. එහිදී සෞම්‍ය සාර්කර් ගැසූ හතරේ පහර හමුවේ ඉන්දීය පන්දු රකින්නන් පේ‍්‍රක්‍ෂකයන් බවට පත්වූ ආකාරය දැකගත හැකි විය.

බංග්ලාදේශ පිල  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 307

(ටමීම් ඉක්බාල් 60, සෞම්‍ය සාර්කර් 54, සකීබ් අල් හසන් 52, සබීර් රහමන් 41, නසීර් හොසේන් 34, මෂ්රාෆි මොර්ටාසා 21, බුවනේෂ්වර් කුමාර් 37/2, උමේෂ් යාදව් 58/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 51/3)

ඉන්දීය පිල  ඕවර 46 කදී සියලූ දෙනා දැවී 228

(රෝහිත් ෂර්මා 63, ශීකර් ධවාන් 30, සුරේෂ් රයිනා 40, රවීන්ද්‍ර ජඬේජා 32, බුවනේෂ්වර් කුමාර් නොදැවී 25, මුෂ්ටාෆිෂුර් රහමන් 50/5, ටස්කින් අහ්මඞ් 21/2, ශකීබ් අල් හසන් 33/2)
 

048

 

 

 


අදහස් (0)

බංග්ලාදේශය ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.