Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 218 ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 443 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 224 කට සීමා කිරීමට මෙහෙදි හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ හසන් ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීය. ලකුණු 93 කට කඩුලු 2 ක් දවාගත් තයිජුල් ඉස්ලාම්, සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා හසන්ට අනගි සහායක් දුන්නේය.
ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි බ්‍රෙන්ඩන් ටේලර් හතරේ පහර 10 ක් සමග ලකුණු 106 ක් ලබා සිටියේය. එය ඔහුගේ 6 වැනි ටෙස්ට් තරගය මෙන්ම මෙම තරගයේදී ඔහු ලබාගත් දෙවැනි ශතකයද විය. පළමු ඉනිමේදී ඔහු ලකුණු 110 ක් රැස්කළේද හතරේ පහර 10 ක් සමගිනි.
සිවුවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 2 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනිට ඉනිම සඳහා අලුතින් එක්කර ගතහැකි වූයේ ලකුණු 148 ක් පමණි. ටේලර් හැරුණු කොට සෙසු සිම්බාබ්වේ පිතිකරුවන් කිසිවකුට අද දිනයේදී ලකුණු 15 සීමාව පසුකර යෑමට නොහැකි වූහ.
ඊයේ දිනයේදී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක හැමිල්ටන් මසකඞ්සා (25) සහ බ්‍රයන් චාරී (43) සමත් වූහ. චාරීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර මසකඞ්සාගේ ඉනිමට හතරේ පහරකින් සමන්විත විය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් මුෂ්ෆිකුර් රහීම් දෙවැනි තරගයේ වීරයා ලෙසත්, තරග 2 කදී කඩුලු 19 ක් දවාගත් දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම් තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්තේය.
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 522
(මොමිනුල් හක් 161, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 219, මහමදුල්ලා රියාද් 36, මොහෙදි හසන් නොදැවී 68, කයිල් ජාවිස් 71/5)
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 304
(හැමිල්ටන් මසකඞ්සා 14, බ්‍රයන් චාරි 53, බ්‍රෙන්ඩන් ටේලර් 110, පීටර් මූර් 83, තයිජුල් ඉස්ලාම් 107/5, මෙහෙදි හසන් 61/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 224
(මොහොමඞ් මිතුන් 67, මහමුදුල්ලා රියාද් නොදැවී 101, මෙහෙදි හසන් නොදැවී 27, කයිල් ජාර්විස් 27/2, ඩොනල්ඞ් ටිරිපානෝ 31/2)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 76
(හැමිල්ටන් මසකඞ්සා 25, බ්‍රයන් චාරී 43, බ්‍රෙන්ඩන් ටේලර් 106, මෙහෙදි හසන් 38/5, තයිජුල් ඉස්ලාම් 93/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.