Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඊයේ (14 දා) පැවැති පුහුණු තරගවලදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට බංග්ලාදේශය, හොං කොං, සිම්බාබ්වේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් සමත් වූහ.
සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඞ්සා ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 52 කදී හතරේ පහර පහක් සහ හයේ පහර හතක් සමග ලකුණු 93 ක් ලබා ගත්තේය. බංග්ලාදේශයේ සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම්ද අයර්ලන්තයට එරෙහිව පුහුණු තරගවලදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. එහිදි සකීබ් අල් හසන් පන්දු 32 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමග ලකුණු 58 ක්ද මුෂ්ෆිකර් රහීම් පන්දු 30 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් සමග ලකුණු 59 ක්ද ලබා ගත්හ.
නෙදර්ලන්ත කණ්ඩායමේ ස්ටීවන් මේබෘග් හොංකොං කණ්ඩායමට එරෙහිව පන්දු 38 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 52 ක් ලබා ගත් අතර හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඞ් නෙදර්ලන්තයේ කඩුලූ හයක් ලකුණු 21 කදී දවා ගනිමින් ඊයේ (14 දා) පැවැති පුහුණු තරවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෝ අතර වූහ.
තරග ප‍්‍රතිඵල
අයර්ලන්තය පරදවා බංග්ලාදේශය ලකුණු 44 ක ජයක්
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 3ට ලකුණු 179 යි. (ටමීම් ඉක්බාල් 32, සබීර් රහමන් 23, සකීබ් අල් හසන් නොදැවී 58, මසුෆිකර් රහීම් නොදැවී 59, ස්ටි‍්‍රලින්ග් 18/1 යි.)
අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 8 ට ලකුණු 135 යි. (විලියම් ප්‍රොටෆීල්ඞ් 44, ස්ටුවර්ට් තොම්ප්සන් 35, මොටාර්සා 28/2, ෂකීබ් අල් හසන් 13/2 යි.)
ඇෆ්ගනිස්ථානය පරදවා සිම්බාබ්වේට කඩුලූ 7ක ජයක්
ඇෆ්ගනිස්තානය ඕවර 20 කදී කඩුලූ 6ට ලකුණු 168 යි. (මොහොමඞ් ශෙෂාඞ් 22, නජීබ් තරකි 29, ෂිෆ්කුල්හා 31, විලියම්සන් 33/2, මුසන්ග්වේ 19/2 යි.)
සිම්බාබ්වේ ඕවර 19.3 කදී කඩුලූ 3ට ලකුණු 173 යි. (හැමිල්ටන් මසකඞ්සා 93, ෂිකන්දර් රාසා 27, හොටැක් 28/1 යි.)
නේපාලය පරදවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කඩුලූ 6ක ජයක්
නේපාලය ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 95 යි. (සුභාෂ් කහකුරල් 28, පරාස් කහද්කා 27, කමරන් ෂෙසාඞ් 19/2, සදීප් සිල්වා 21/1 යි.)
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඕවර 18.5 කදී කඩුලූ 4 ට ලකුණු 99 යි. (සවප්නිල් පටිල් 33, සයිමන් අන්වර් නොදැවී 30, පරාස් කහද්කා 26/1 යි.)
නෙදර්ලන්තය පරදවා හොංකොං කණ්ඩායමට ලකුණු 27 ක ජයක්
හොංකොං ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 127 යි. (මාර්ක් චැප්මන් 50, ගුග්ටන් 17/3, ජමිල් 25/3 යි.)
නෙදර්ලන්තය ඕවර 16.5 කදී සියල්ල දැවී ලකුණු 100 යි. (ස්ටිවන් මේබෘග් 52, හසීෆ් අජ්මාල් 21/6 යි.)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.