Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බ්‍රාවෝ - ජාදව් චෙන්නායි පිල දිනවති

බ්‍රාවෝ - ජාදව් චෙන්නායි පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) පළමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්යක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඬේවේන් බ්‍රවෝ පන්දු 30 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 68 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

චෙන්නායි කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවිය. මුස්තෆිසුර් රෙහෙමාන් යැවූ එම ඕවරයේ පළමු පන්දු 3 දීම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ කේදර් ජාදව්, සිව්වැනි සහ පස්වැනි පන්දුවලට පිළිවෙලින් හයේ සහ හතරේ පහර 2 ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා සහ මායන්ක් මාර්කන්ඬේ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුවද, සිය කණ්ඩයම පරාජයෙන් ගලවා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය. එහිදී මුම්බායි කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 52 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 22) සහ කුනාල් පාණ්ඩ්‍යා (නොදැවී 41) සමත් වූහ. පන්දු 20 කදී වාර්තා වූ හර්දීක්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 22 කදී වාර්තා වූ කුනාල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ඉෂාන් කිෂන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින්ද, සූර්යකුමාර් යාදව් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 42 ක් රැස්කරමින්ද මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 165
(රෝහිත් ශ්‍යාමා 15, ඉෂාන් කිෂන් 40, සූර්යකුමාර් යාදව් 43, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 22, කුනාල් පාණ්ඩ්‍යා නොදැවී 41, ෂේන් වොට්සන් 29/2)

චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම - ඕවර 19.5 කදී කඩුලු 9 කට 169
(ෂේන් වොට්සන් 16, අම්බටි රයිඩු 22, කේදාර් ජාදව් නොදැවී 24, ඞ්වේන් බ්‍රාවෝ 68, මායන්ක් මාර්කන්ඬේ 23/3, හර්දීක් පාණ්ඩ්‍යා 24/3)  


- 036

 


අදහස් (0)

බ්‍රාවෝ - ජාදව් චෙන්නායි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.