Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බිලී - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

බිලී - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තානය එරෙහිව හරාරේ ක්‍රීඩාගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 10.5 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඒරන් ෆින්ච් පන්දු 33 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ආරම්භක පිතිකරු ඩි’ආසි ෂෝට්ගේ ඉනිම ලකුණු 15 කට සීමා කිරීමට හසන් අලී සමත් වුවත්, ට්‍රැවීස් හෙඞ් (නොදැවී 20) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 18 කදී වාර්තා වූ හෙඞ්ගේ ඉනිම හතරේ පහරකින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 19.5 ක් අවසානයේ ලකුණු 116 කට සීමා කිරීමට බිලී ස්ටැන්ලේක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ටැලන්කේ සිය ඕවර 4 තුළ කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 8 ක් පමණක් ලබා දෙමිනි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇන්ඩෘ ටේ ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාවටත් අඩුවෙන් දැවීයද්දී පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෂඩාබ් ඛාන් පන්දු 25 කදී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක්ද සමගිනි. අසීෆ් අලී හයේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, ෆාහීම් අෂ්ර්ෆ් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


පාකිස්තානය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 116
(අසීෆ් අලී 22, ෂඩාබ් ඛාන් 29, ෆාහීම් අෂ්ර්ෆ් 21, බිලී ස්ටැන්ලේක් 8/4, ඇන්ඩෘ ටේ 38/3)

ඕස්ට්‍රේලියාව- ඕවර 10.5 කදී කඩුල්ලක් දැවී 117
(ඩි’ආසි ෂෝට් 15, ඒරන් ෆින්ච් නොදැවී 68, ට්‍රැවීස් හෙඞ් නොදැවී 20)


- 036

 


අදහස් (0)

බිලී - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.