Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසන් කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගයේදී මහනුවර පිල කඩුලු හතකින් දඹුල්ල පිල පරාජය කිරීමට සමත් විය.
මහනුවර පිල මෙම තරගාවලියේ තරග තුනේදී ලැබූ එකම ජයග්‍රහණය මෙය වේ. දඹුල්ල පිල තරග තුනම පරාජයට පත්විය.
දෙපිල අතර තෙවැනි ස්ථානය සඳහා තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේදීම අනිද්දා (10) පැවැත්වේ.
මහනුවර පිල ලකුණු 199 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 31.3 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
යොවුන් පිතිකරු පැතුම් නිස්සංක පන්දු 47 කින් හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස් කළේය.
නායක දිමුත් කරුණාරත්න වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 74 කදී හතරේ පහර නවයක් සමගින් ලකුණු 86 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක් රැස් කළේය.
තිසර පෙරේරා දක්‍ෂ පන්දු යැවිමක නිරත වෙමින් ලකුණු 25 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණ කළේය.
ලකුණු පුවරුව
දඹුල්ල කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල - ඇ. නිස්සංක ප. රාජිත 2
ධනුෂ්ක ගුණතිලක - ඇ. සදීර- ප. දිලේෂ් 0
ඕෂද ප්‍රනාන්දු - ඇ. සචිත්‍ර ප. වැන්ඩසේ 44
භානුක රාජපක්‍ෂ - ඇ. සදීර ප. තිසර 27
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. දිමුත් ප. තිසර 47
අෂාන් ප්‍රියංජන් - දුවද්දී දැවී ගියා 24
ඉෂාන් ජයරත්න - ඇ. ප්‍රියමාල් ප. චතුරංග 11
ඉසුරු උදාන - ඇ. දිමුත් ප. තිසර 13
රමිත් රමුක්වැල්ල - ඇ. සදීර ප. තිසර 17
ප්‍රභාත් ජයසූරිය - ස්ටම්ප් සදීර ප. වැන්ඩසේ 1
ළහිරු ගමගේ - නොදැවී 0
අතිරේක 12
එකතුව ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 198
කඩුලු වැටීම:
1-3(දික්වැල්ල), 2-3(ධනුෂ්ක), 3-74(භානුක), 4-91(ඕෂද), 5-131(ප්‍රියංජන්), 6-161(ඉෂාන්), 7-177(මැතිවිස්), 8-197(රඹුක්වැල්ල), 9-198(ඉසුරු), 10-198(ප්‍රභාත්)
පන්දු යැවීම:
කසුන් රාජිත: 7-1-34-1, දිලේෂ් ගුණරත්න: 4-0-26--1, දිමුත් කරුණාරත්න: 2-0-10-0-, තිසර පෙරේරා: 7-1-25-4, මාලින්ද පුෂ්පකුමාර: 10-0-31-0, ජෙෆ්රි වැන්ඩසේ: 8.5-0-40-2, චතුරංග ද සිල්වා: 6-1-28-1
මහනුවර කණ්ඩායම
සදීර සමරවික්‍රම - ඇ. ප්‍රියංජන් ප. ඉෂාන් 12
දිමුත් කරුණාරත්න - ඇ. දික්වැල්ල ප. ප්‍රභාත් 86
සංගීත් කුරේ - ඇ. ප්‍රියංජන් ප. ප්‍රභාත් 33
පැතුම් නිස්සංක - නොදැවී 51
සචිත්‍ර සේනානායක - නොදැවී 13
අතිරේක 4
එකතුව ඕවර 31.3 කදී කඩුලු 3 ක් දැවී 199
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, කසුන් රාජිත, චතුරංග ද සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, දිලේෂ් ගුණරත්න
කඩුලු වැටීම:
1-35(සදීර), 2-107(සංගීත්), 3-163(දිමුත්)
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 6.3-1-45-0, ඉෂාන් ජයරත්න: 6-0-38-1, ඉසුරු උදාන: 3-0-18-0, රමිත් රමුක්වැල්ල: 5-0-31-1, අෂාන් ප්‍රියංජන්: 3-0-15-0, ප්‍රභාත් ජයසූරිය: 8-0-49-1
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.