Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අද (11 වැනිදා) අවසන් විය.
වර්ෂාව ඇද හැළීම හේතුවෙන් අද දින තරගය ඕවර 4 කට පමණක් සීමාවූ අතර ඕවර 94 ක් අපතේ ගියේය.
එම ඕවර 4 තුළදී ලකුණු 10 ක් ලබාගැනීමට මහනුවර කණ්ඩායම සමත්වූවද කඩුල්ලක් අහිමිකර ගත්තේය.
මහනුවර පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලු දෙනා දැවී 270
(චරිත් අසලංක 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 40/4)
කොළඹ පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 9 ක් දැවී 138
(කෞෂාල් සිල්වා 26, ෂෙහාන් ජයසූරිය 25, ළහිරු තිරිමාන්න 21, ඉසුරු උදාන 35/4, කසුන් රාජිත 67/4)
මහනුවර දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 65
(මහේල උඩවත්ත 41)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.