Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා-රාත්‍රී තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
පළමු දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 37 ක් ලබා මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 233 ක් පසුපසින් සිටියේය. කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන කෞෂාල් සිල්වා ලකුණු 9 ක්ද, ෂෙහාන් ජයසූරිය ලකුණු 18 ක්ද ලබා පළමු දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 270 ක් ලබාගත් අතර ප්‍රියමාල් පෙරේරා (79) සහ චරිත් අසලංක (57) එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ තරංග පරණවිතාන (1) සහ මහේල උඩවත්ත (0) මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් වන විට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොළඹ කණ්ඩායමේ ආරම්භක පන්දු යවනන්නන් දෙදෙනා වූ දිලේෂ් ගුණරත්න සහ ප්‍රමෝද් මාකලන්ද සමත් වූහ.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑම්වලින් අනතුරුව චරිත් අසලංක සමග එක්වූ නායක නිරෝෂන් දික්වැල්ල (38) මහනුවර ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.
දික්වැල්ල දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දිලේෂ් ගුණරත්න සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
පසුව චරිත් අසලංක සමග එක්වූ ප්‍රියමාල් පෙරේරා (79) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළ අතර වනිඳු හසරංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ප්‍රියමාල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය. වනිඳුගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය අසලංකගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.
ලකුණු 21 ක් ලබා සිටි ජීවන් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන (9) දුවද්දී දවාගැනීමකටද හසුකර ගනිමින් මහනුවර කණ්ඩායමට කඩුලු 2 ක් අහිමි කළේය. මහනුවර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදි සිටි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 23 ක් ලබා සිටියේය.
ළහිරු කුමාර (2) සහ කසුන් රාජිත (4) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් මහනුවර කණ්ඩායමේ අවසන් කඩුලු 2 ද බිඳහෙළීමට වනිඳු හසරංග සමත් වූයේ සිය පෞද්ගලික කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමාගනිමිනි.
මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 270
(චරිත් අසලංක 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 40/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.