Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේලත් වි:20 අන්තර්ජාතික තරගවලින් සමුගනී

මහේලත් වි:20 අන්තර්ජාතික තරගවලින් සමුගනී

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

 

බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර්ජාතික විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන විදේශීය මාධ්‍ය වෙත පවසා තිබේ.

”මගේ තීරණයට හේතුව සංගාගේ තීරණයට ඉතාමත් ආසන්න එකක්. මීළග විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී මා කී‍්‍රඩා කරයි කියලා මට හිතාගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී මම මේ තැන අල්ලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ” යයි මහේල ජයවර්ධන විදෙස් ප‍්‍රවෘත්ති සේවාවන්ට පවසා තිබේ.

”තරුණ කී‍්‍රඩකයෙක් මගේ ස්ථානයට පැමිණ ක‍්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගන්න ඉඩ හරින එක ඊට වඩා වැදගත්” යැයිද මහේල පවසා තිබුණි.
 
ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා වන 36 හැවිරිදි මහේල ජයවර්ධන මේ වන විට විස්සයි20 තරග 49 කට ක‍්‍රීඩා කර ලකුණු 1,335 ක් රැස්කරමින් ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. මහේල එහිදී 31.78 ක සාමාන්‍යයක් රදවා ගෙන ඇති අතර විස්සයි20 තරගයක ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කදී ලකුණු 134.17 ක් පවත්වගෙන තිබේ.

මහේලගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව විස්සයි20 තරග 19 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 12 ක් ජය ලබා තරග හයක් පරාජයට පත්ව තරගයක් සම තත්ත්වයෙන් අවසන් වී තිබේ. මහේල මෙහෙයවූ ශ්‍රී ලංකා විස්සයි20 පිල 2012 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අනු ශූරයන් බවට ද පත්විය.  

විස්සයි20 වැඩිම ලකුණු ලාභින් අතර මහේලට ඉදිරියෙන් සිටින නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් තරග 63 කදී ලකුණු 1,959 ක් රැස්කර තිබේ.

 

 - 048

 


අදහස් (5)

මහේලත් වි:20 අන්තර්ජාතික තරගවලින් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.