Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 8 කට පසුව නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට (26 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබා තිබේ. පෙබරවාරි සහ මාර්තු මාස වලදී ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නමුත් ශී‍්‍ර ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්ද වැඩි උනන්දුවක් තබා ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමක් නවසීලන්තයේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වී සිටින්නේ වසර 8 කට පසුව බැවිනි.
ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත වුවද ශී‍්‍ර ලංකා පිලේ නවසීලන්ත සංචාරයේදී වැඩි අවධානය යොමු කෙරෙන්නේ තරග 7 කින් සමන්විත එක්දින තරගාවලිය කෙරෙහි වන බැවින් දෙපිලම වඩාත් උනන්දු වන්නේ ලෝක කුසලාන තරගාවලියේදී තම තමන්ගේ කණ්ඩායම් වලට ඇතුළත් විය යුත්තේ කුමන ආකාරයේ කී‍්‍රඩකයන්ද යන්න පිළිබඳව වීම සැකයක්ද නොවේ.
”පෙබරවාරි 14 වැනිදා පැවැත්වෙන තරගය ඉතාමත් වැදගත්. ඒ තරගය සඳහා අප මානසිකව වගේම ශාරීරිකවත් පූර්ණ සූදානමකින් සිටිය යුතු වෙනවා” යයි ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තු ප‍්‍රකාශ කළේ නවසීලන්ත පිලට එරෙහිව ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදීම පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගය පිළිබඳවය.
තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේදී එංගලන්ත පිල 5-2 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ආත්ම විශ්වාසය අතින් ඉහළම තලයකට පැමිණ, තවත් කණ්ඩායමක් හමුවන තුරු බලා සිටී. ශී‍්‍ර ලංකා පිල එංගලන්තය පරාජය කිරීමේ අනුයාත ප‍්‍රතිඵලය වූයේ එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක්ට නායකත්වය පමණක් නොව ලෝක කුසලාන තරගාවලියත් අහිමි වීමයි.
ශී‍්‍ර ලංකා පිල අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලියේදීත් පාකිස්තානය පරදවා 2-0 ක් ලෙසින් තරගාවලි ජයගැනීමට සමත් විය.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ මහේල ජයර්ධනගේ සේවය ටෙස්ට් පිලට අහිමි වී ඇති බැවින් මෙම ටෙස්ට් තරගාවලිය සෑහෙන අභියෝගයක් බවයි. ටෙස්ට් සහ විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගෙන සිටින මහේල ජයවර්ධන, තමන්ගේ අවසන් අන්තර්ජාතික තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලිය කෙරේ වැඩි අවධානයක් යොමුකර සිටී.
”අපි මහේල නැතිව ටෙස්ට් තරගාවලියක් කී‍්‍රඩා කරන්නේ වසර 18 කට විතර පස්සේ. ඒක අපට විශාල අභියෝගයක්” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
”මෙය අභියෝගාත්මක තරගාවලියක්. ඒ නිසා පීඩනය එල්ල වී ඇත්තේ අප වෙතටයි....නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී කී‍්‍රඩා කිරීම තමයි අප හමුවේ තිබෙන අභියෝගය” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා වන රංගන හේරත් මෙම තරගයට සහභාගි නොවේ. පෞද්ගලික හේතු මත රංගන හේරත් මෙම තරගයෙන් නිවාඩු ඉල්ලා සිටි අතර ඊට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අනුමැතිය ලැබිණ.
නවසීලන්තයේ ඇති වේග පන්දු යවන්නන් පිනවන තණතීරු පිළිබඳ අත්දැකීම් ඇති කී‍්‍රඩකයන් වශයෙන් මැතිව්ස්ට සිටින්නේ ප‍්‍රසන්න ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පමණි. එබැවින් නවසීලන්තයේ තත්වයන්ට අනුගත වීම ඉතාමත් අවශ්‍ය වී තිබේ.
”මේ තත්ත්වයන්ට අනුගත වීම අපට ඉතාමත් වැදගත් වෙනවා”
”පසුගිය මාස හයක පමණ කාලයේදී අප වැඩි තරග සංඛ්‍යාවකට කී‍්‍රඩා කළේ ආසියානු කලාපයේදීයි. ඒ නිසා පුහුණුවීමට (නවසීලන්තයේදී) ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප‍්‍රයෝජන ලබාගනිමින්, මේ තණතීරුවල තත්ත්වයන්ට හුරුවීම අපට හරිම වැදගත්” යයිද මැතිව්ස් පැවසීය.
ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශී‍්‍ර ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 101 ක් සහිතව පස්වැනි ස්ථානයේ සිටින අතර ප‍්‍රසාද ලකුණු 94 ක් හිමි නවසීලන්තය ශ්‍රේණිගත ලයිස්තුවේ 7 වැනි ස්ථානයේ සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.