Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලින්ද - ප්‍රියංජන් සී.සී.සී පිලට ජය ගෙනෙති

මාලින්ද - ප්‍රියංජන් සී.සී.සී පිලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාලින්ද පුෂ්පකුමාරගේ (86/6 සහ 53/5) විශිෂ්ට පන්දු යැවීමත්, අශාන් ප්‍රියංජන්ගේ ශතකයත් (නොදැවී 161)  හමුවේ කෝල්ට්ස් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 19 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී. පිල අද (9 වැනිදා) සමත්විය. අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ශ්‍රේණිය යටතේ මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෝල්ට් පිල පළමු ඉනිමේදී ලකුණු 255 කට සීමා කිරීමට මාලින්ද පුෂ්පකුමාර ඇතුලු පන්දු යවන්නෝ සමත්වූහ. කෝල්ට් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ලකුණු 68 ක් ලබාගත් විශාද් රංදික සමත්විය.

මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6 ක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් අෂාන් ප්‍රියංජන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

දක්ෂ පිතිහරඹයක නිරතවූ නායක අශාන් ප්‍රියංජන්ගේ ශතකය (නොදැවී 161) හමුවේ සි.සී.සී පිල පළමු ඉනිම සඳහා ලකුණු 367 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 212 කට මුහුණදුන් අෂාන් ප්‍රියංජන්ගේ ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර විය.

අර්ධ ශතකයක් (56) ලබාගනිමින් සි.සී.සී පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකවූ වනිඳු හසරංග සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 116 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අෂාන් ප්‍රියංජන් සමත්විය. ඊට අමතරව අටවැනි කඩුල්ල සඳහා මාලින්ද පුෂ්පකුමාර සමගින්ද එක්ව ලකුණු 73 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට ප්‍රියංජන් සමත්විය.

කවිෂ්ක අංජුල කඩුලු 3 ක් ද නිසල තාරක සහ මහේෂ් තීක්‍ෂණ කඩුලු 2 ක බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දෙවැනි ඉනිම ඇරඹූ කෝල්ට් පිලට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 142 ක් අවශ්‍යවූ නමුත් මාලින්ද පුෂ්පකුමාරගේ සහ අශාන් ප්‍රියංජන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ ඉනිම ලකුණු 123 කට සීමාවිය.

මාලින්ද පුෂ්පකුමාර කඩුලු 5 ක් සහ අශාන් ප්‍රියංජන් කඩුලු 3 ක් දවාගනිමින් තරගාවලිය පුරා තුන් ඉරියව් දස්කම් දැක්වූ ඔවුන් සී.සී.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

තවත් තරග 5 ක් බී.ආර්.සී, කටුනායක මේරියන්ස්, පී.සරවනමුත්තු, පනාගොඩ යුදහමුදා සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට මීගමුව, හලාවත මේරියන්ස්, එන්.සී.සී, යුද හමුදා සහ එස්.එස්.සී. කණ්ඩායම් සමත්වූහ.

එම තරග වලදී බී.ආර්.සී. පිලේ දේශාන් ඩයස් (119), හලාවත මේරියන්ස් පිලේ ඕෂද ප්‍රනාන්දු (100), එන්.සී.සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (124) සහ යුද හමුදා පිලේ දුෂාන් විමුක්ති (178) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

රාගම පිලේ ප්‍රධන දඟපන්දු යවන්නා වන වමතින් පන්දු යවන අමිල අපෝන්සු පළමු ඉනිමේදී කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් සමගින් තරගය පුරා කඩුලු 13 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඊට අමතරව බී.ආර්.සී. පිලේ මොහොමඞ් ශිරාස් (86/6), හලාවත මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති (76/6) සහ එන්.සී.සී. පිලේ සචින්ත පිරීස් (74/5) කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.


කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(ධනංජය ලක්ෂාන් 24, හෂාන් දුමිඳු 23, විශාද් රංදික 68, නිසල තාරක 26, අකිල ධනංජය නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 86/6, අෂාන් ප්‍රියංජන් 32/2)

සී.සී.සී පළමු ඉනිම - ඕවර 87 කදී සියලුදෙනා දැවී ලකුණු 367
(රොන් චන්ද්‍රගුප්ත 24, මාධව වර්ණපුර 28, අශාන් ප්‍රියංජන් නොදැවී 161, මිනෝද් භානුක 33, වනිඳු හසරංග 56, මාලින්ද පුෂ්පකුමාර 24, කවිෂ්ක අංජුල 28/3, නිසල තාරක 57/2, මහේෂ් තීක්‍ෂණ 72/2)

කෝල්ට්ස් දෙවැනි  ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(සංගීත් කුරේ 37, කවිෂ්ක අංජුල 21, මාලින්ද පුෂ්පකුමාර 53/5, අශාන් ප්‍රියංජන් 17/3)


බී.අර්.සී සහ මීගමුව කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

මීගමුව පිලට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(දේශාන් ඩයස් 42, හෂේන් රාමනායක 66, රමින්ද විජේසූරිය 30, දුවිඳු තිලකරත්න 20, ශෙහාන් ජයසූරිය 56/4, උපුල් ඉුන්ද්‍රසිරි 49/3)

මීගමුව පළමු ඉනිම - ඕවර 86.4 කදී සියලුදෙනා දැවී ලකුණු 258
(ලසිත් කෲස්පුල්ලේ 79, ශෙහාන් ජයසූරිය නොදැවී 47, ඩිලාන් ජයලත් 20, සහන් ආරච්චීගේ 37, උපුල් ඉන්ද්‍රසිරි 28, මොහොමඞ් ශිරාස් 86/6, තිලකරත්න සම්පත් 50/3)

බී.ආර්.සී දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 276
(ලසිත් ලක්ෂාන් 61, දේශාන් ඩයස් 119, තිලකරත්න සම්පත් 36, රුමේෂ් බුද්ධික 45, සහන් අදීෂ 63/2)

මීගමුව දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 142
(ලසිත් කෲස්පුල්ලේ 85, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 39, හෂේන් රාමනායක 33/2)


හලාවත මේරියන්ස් සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස්ට පළමු ඉනිමේ ජයක්
හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 281
(යශෝධ ලංකා 25, ඕෂද ප්‍රනාන්දු 100, හර්ෂ කුරේ 95, අමිල අපෝන්සු 86/5, සහන් නානායක්කාර 45/4)

රාගම පළමු ඉනිම - ඕවර 27 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 70
(ජනිත් ලියනගේ 31, සංජය චතුරංග 27, සහන් නානායක්කාර 28, සමින්ද ප්‍රනාන්දු 42, අක්ශු ප්‍රනාන්දු 40, අමිල අපෝන්සු 26, නිමේෂ් විමුක්ති 76/6, චතුර රංදුණු 98/4)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - ඕවර 86.3 කදී සියලුදෙනා දැවී ලකුණු 377
(යශෝධ ලංකා 34, තීක්‍ෂිල ද සිල්වා 85, හර්ෂ කුරේ 37, නිමේෂ් විමුක්ති 74, රයිෆි ගෝමස් නොදැවී 50, පුලින තරංග 32, අමිල අපෝන්සු 148/8, අක්ශු ප්‍රනාන්දු 9/2)

රාගම දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 172
(සංජය චතුරංග 99, සමින්ද ප්‍රනාන්දු 22, සුපේෂල ජයතිලක නොදැවී 29, නිමේෂ් විමුක්ති 44/2)


ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
එන්.සී.සී පළමු ඉනිම - ඕවර 83.2 කදී සියලුදෙනා දැවී ලකුණු 296
(ළහිරු උදාර 38, මහේල උඩවත්ත 21, උපුල් තරංග 37, ඇන්ජලෝ පෙරේරා 124, මාලිංග අමරසිංහ 37, සචිත්‍ර සේනානායක 64/3, ළහිරු මිලන්ත 17/2, සචිත් පතිරණ 54/2)

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී ලකුණු 184
(ළහිරු මිලන්ත 35, තරංග පරණවිතාන 32, කිත්රුවන් විතානගේ 21, සචිත්‍ර සේරසිංහ 21, මනෝජ් සරත්චන්ද්‍ර 21, ඉසුරු උදාන 24, සචින්ත පිරීස් 74/5, චතුරංග ද සිල්වා 28/2, සාරංග රාජගුරු 33/2)

එන්.සී.සී දෙවැනි ඉනිම - ඕවර 54 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 221
(ළහිරු උදාර 53, මහේල උඩවත්ත 39, චතුරංග ද සිල්වා 56, උපුල් තරංග නොදැවී 59)

ද්‍රවිඩ සංගමය දෙවැනි ඉනිම - ඕවර 47 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 219
(සිතාර ගිම්හාන් 54, ළහිරු මිලන්ත 76, මනෝජ් සරත්චන්ද්‍ර 33, කිත්රුවන් විතානගේ නොදැවී 26, සාරංග රාජගුරු 64/2)


යුද හමුදාව සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

යුද හමුදාවට පළමු ඉනිමේ ජයක්
යුද හමුදාව පළමු ඉනිම - ඕවර 127.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 462
(ලක්ෂාන් එදිරිසිංහ 81, දුෂාන් විමුක්ති 178, දිල්ෂාන් ද සොයිසා 46, සංජික රිද්ම 37, සීකුගේ ප්‍රසන්න 89, චමින්ද බණ්ඩාර 112/4, චානක කොමසාරූ 132/3)

වරාය අධිකාරිය පළමු ඉනිම - ඕවර 53 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(ප්‍රිමෝෂ් පෙරේරා 28, ප්‍රශාන් වික්‍රමසිංහ 26, දුෂාන් විමුක්ති 18/4, ජනිත් සිල්වා 34/4, සීකුගේ ප්‍රසන්න 41/2)

වරාය අධිකාරිය දෙවැනි ඉනිම - ඕවර 84 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 279
(යොහාන් ද සිල්වා 27, ප්‍රිමෝෂ් පෙරේරා 93, රමේෂ් නිමන්ත 76, අදීෂ නානායක්කාර නොදැවී 62, දුෂාන් විමුක්ති 59/3)


එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට පළමු ඉනිමේ ජයක්
සැරසන්ස් පළමු ඉනිම - ඕවර 88.1 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(නිපුන් කරුණානායක 23, මිලින්ද සිරිවර්ධන 24, ගමිඳු අමරසිංහ 95, සාලිය සමන් 81, තරිඳු රත්නායක 57/3, සචිත්‍ර සේනානායක 48/2, කසුන් මදුශංක 53/2)

එස්.එස්.සී පළමු ඉනිම - ඕවර 125.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 419
(කෞෂාල් සිල්වා 127, ක්‍රිෂාන් ආරච්චිගේ 38, කවිඳු කුලසේකර 86, චාමර කපුගෙදර 81, සචිත්‍ර සේනානායක 35, චාමිකර එදිරිසිංහ 119/4)

සැරසන්ස් දෙවැනි ඉනිම - ඕවර 52.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 169
(නවිඳු නිර්මාල් 29, මිලින්ද සිරිවර්ධන 24, ගමිඳු අමරසිංහ 22, අෂේන් බණ්ඩාර 48, තරිඳු රත්නායක 46/2, ආකාශ් සේනාරත්න 50/2)

 


අදහස් (0)

මාලින්ද - ප්‍රියංජන් සී.සී.සී පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.