Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ඇල්න්ජලෝ මැතිව්ස්ට සහ ලසිත් මාලිංගට ඉන්දියානු රුපියල් කෝටි 2 ක මූලික ලංසුවක් නියම වී තිබේ. මෙම ලංසුවේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කෝටි 5 කට ආසන්න වේ.
ඒ අනුව මෙවර වෙන්දේසියේදී ඔවුන් දෙදෙනාගේ අයකු මිලදී ගැනීම සඳහා කණ්ඩායම්වල හිමිකරුවන්ට ඉන්දියානු රුපියල් කෝටි 2 සිට ඉදිරියට ලංසු තැබීමට සිදුවනු ඇත.
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මේ මස 18 වැනිදා පැවැත්වෙන අතර ඊට ඉන්දීයානු ක්‍රීඩකයෝ 226 ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 100 දෙනෙකුට ආසන්න පිරිසක්ද සලකා බැලෙති.
බ්‍රෙන්ඩන් මැකලම් සහ කෝරි ඇන්ඩසන් (නවසීලන්තය), ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් (එංගලන්තය), ෂෝන් මාෂ් සහ ඩි’ආසි ෂෝට් (ඕස්ටේ්රලියාව) සහ කොලින් ඉන්ග්‍රම් (දකුණු අප්‍රිකාව) මෙවර වෙන්දේසියේදී ඉහළම මිලක් (කෝටි 2 ක්) නියම වී ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති.
මාලිංගට සහ මැතිව්ස්ට අමතරව මෙවර අයි.පී.එල්. තරගාවලියේ වෙන්දේසිය සඳහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළත්ව සිටිති. කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක සහ ඉසුරු උදාන එම ක්‍රීඩකයෝ වෙති.
එහිදී කුසල් පෙරේරා සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 75 ක මිලක් නියම කර ඇති අතර සෙසු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයාද ඇතුළුව සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සඳහා නියම කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක මිලකි. මෙම අගයන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන මූලික අගයන් වන අතර කණ්ඩායම් අතර පවතින තරගය හේතුවෙන් ක්‍රීඩකයන් මීටත් වඩා වැඩි මිලකට අළෙවි වීමේ අවස්ථාවක් තිබේ.
ඉහළම මිලක් නියම වී ඇති ඉන්දීයානු ක්‍රීඩකයා වන්නේ ජයදේව් උනාද්කට්ය. දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩකයකු ලෙස වෙන්දේසියට ඇතුළත්ව සිටින ඔහුට නියම කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි එක හමාරකි. මොහොමඞ් සාමි, රිධිමන් සාහා, අක්ෂර් පතෙල් සහ යුවරාජ් සිං ඉහළම මිලක් නියම වී ඇති සෙසු ඉන්දීය ක්‍රීඩකයෝ වෙති. ඔවුන් සඳහා ඉන්දියානු රුපියල් කෝටියක මිලක් නියම කර තිබේ.
ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ 23 ක්ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 18 ක්ද, එංගලන්ත ක්‍රීඩකයෝ 18 ක්ද, නවසීලන්ත ක්‍රීඩකයෝ 13 ක්ද, ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ 8 ක්ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 7 ක්ද සිටින අතර බංග්ලාදේශ සහ සිම්බාබ්වේ ක්‍රීඩකයන් දෙදෙනකු බැගින්ද, එක්සත් අරාබි එමීර්, අයර්ලන්ත සහ නෙදර්ලන්ත ක්‍රීඩකයා බැගින්ද ඊට මෙවර වෙන්දේසියට ඇතුළත්ව සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.