Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගට ඉන්දීය රුපියල් කෝටි 2 ක්

මාලිංගට ඉන්දීය රුපියල් කෝටි 2 ක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 තරග වාරයට අදාල ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගත්හ. වෙන්දේසියේදී මාලිංග සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 මූලික ලංසුවක් වූ නියම වී තිබූ අතර ඔහු වෙනුවෙන් පළමු ලංසුව ඉදිරිපත් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළේය. 


එහිදී මාලිංග වෙනුවෙන් වෙනත් ලංසු ඉදිරිපත් නොවීම නිසා මූලික ලංසුවටම ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අලෙවි විය. 


මාලිංගට අමතරව වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී සිටි සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ බැවින් ඔවුන්ට මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. 


බ්‍රෙන්ඩන් මැකලම්, මාටින් ගප්ටිල්, කෝරි ඇන්ඩසන් සහ ලුක් රොන්කි (නවසීලන්තය), ඇඩම් සම්පා, උස්මාන් කවාජා සහ ෂෝන් මාෂ් (ඕස්ටේ්‍රලියාව), ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් ජෝර්ඞ්න් (එංගලන්තය), යුවරාජ් සිං සහ චෙතේෂ්වර් පුජාරා (ඉන්දියාව), රීසා හෙන්රික්ස් සහ හෂිම් අම්ලා (දකුණු අප්‍රිකාව), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්), මුෂ්ෆිකුර් රහීම් (බංග්ලාදේශය) වෙන්දේසියේ මූලික වටයේදී අලෙවි නොවූ ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ වෙති. 


  
-036 

 


අදහස් (0)

මාලිංගට ඉන්දීය රුපියල් කෝටි 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.