Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත පිලට එරෙහිව හෙට (31 වැනිදා) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට මුහුණ දීමට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග වඩාත් දුරදිග බලා තීරණ ගැනීමට සූදානම් වෙයි. ඒ අනුව හෙට පැවැත්වෙන පළමු තරගයේදී (එංගලන්තය සහ නෙදර්ලන්තය අතර) තණතීරුව හැසිරෙන ආකාරය දෙස පරීක්ෂාවෙන් බලා සිටීමෙන් අනතුරුව සිය කණ්ඩායම සඳහා අවශ්‍ය කී‍්‍රඩකයන් 11 දෙනා තෝරා ගනිමින් නවසීලන්තයට මුහුණ දීමට ශී‍්‍ර ලංකාවේ නවතම විස්සයි:20 නායකයා සූදානම් වෙයි.
”අපි තරගයකදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත යුත වෙනවා වගේම අපට එරෙහිව ලබාගන්න ලකුණු නතර කරන්නත් ඕනේ. පසුගිය තරග කිහිපයේදී (ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර) සුරංග ලක්මාල් හොඳින් දස්කම් දැක්වූවා.
ඇරත් හෙට අපේ තරගයට කලින් තවත් තරගයක් පැවැත්වෙන නිසා ඒ තරගයේදිත් කඩුල්ල හැසිරෙන ආකාරය දිහා බලලා, පින්න ගැනත් හිතලා තමයි තීරණයක් ගන්න වෙන්නේ” යයි අද (30 වැනිදා) සවස චිතගොන් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡවේදී ලසිත් මාලිංග පැවසීය.
විස්සයි:20 තරගයක් තහනම් කරනු ලැබ සිටින හෙයින් අද තරගය සඳහා දිනේෂ් චන්දිමාල් සහභාගි නොවේ. ඒ වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබේ. මාලිංග පවසන ආකාරයට චන්දිමාල්ගේ හිස්තැන පිරවීමේදී බොහෝ දේ සැලකිල්ලට ගත යුතුව තිබේ.
”මට හිතනෙ දේ මේකයි...වි:20 තරගයකදී පන්දුවට මුහුණ දෙන්න තියෙන්නේ ඕවර 20 යි. අපේ පිතිකරුවන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට ඕවර 20 ක් මුහුණ දෙන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමේ. ඇරත් ඩිල්ෂාන්, මහේල, කුමාර් සංගක්කාර මේ හැම දෙනාම ලකුණු අතර ඉන්නේ. තිසර පෙරේරා සහ කුලසේකරවත් අමතක කරන්න බෑ”
”රංගන, සීකුගේ, තිරිමාන්න හා සුරංග තවමත් මේ තරගාවලියේ එකම තරගයක්වත් කී‍්‍රඩා කරලා නෑ. රංගන ඉතාමත් හොඳින් පන්දු යවමින් ඉන්නවා. සමහර විට හෙට තරගයේදී ඔහුට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්” යයිද මාලිංග පැවසීය.
කෙසේ වෙතත් අද තරගය සම්බන්ධයෙන් නායකයකු වශයෙන් තමන්ට හෝ තමන්ගේ කණ්ඩායමට කිසිදු පීඩනයක් නැතැයි පවසන මාලිංග තරගයේ ජය සම්බන්ධයෙන් දැඩි විශ්වාසනීයත්වයකින් පසුවෙයි.
”අපට කිසිම විකල්පයක් නෑ. අවසන් පූර්ව වටයට එන්න නම් හෙට තරගය දිනන්නම ඕනේ. ඒවුණත් කණ්ඩායමක් වශයෙන් අපි මානසිකව ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නේ”
”අපි අවසන් වරට කී‍්‍රඩා කරපු ලෝක කුසලාන තරගාවලි හැම එකකම වගේ තීරණාත්මක තරගය ජයගෙන අවසන් පූර්ව වටයට ආවා. හෙට තරගයේදීත් ඒ දේ කරන්න අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා” යයිද මාලිංග පැවසීය.
ප්‍රතිවාදීන් ගැන කල්පනා කරමින් සිටීමට වඩා තමන්ට කළ හැකි දේ කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම නිරන්තරයෙන්ම උත්සාහ කරයි. එය අර්ජුන රණතුංග යුගයේ සිටම ශී‍්‍ර ලංකා කණ්ඩායම සතුව තිබූ සුවිශේෂී ලක්ෂණයකි. නිදහසට කරුණු ඉදිරිපත් නොකිරීමත් තවත් යහපත් ලක්ෂණයකි.
”මේ තරගයේදී අපේ දස්කම් වලින් 100% ක්ම ප්‍රයෝජනයට ගන්න ඕනේ. හැම කී්රඩකයාම හිතන්නේ තම තමන්ගේ කොටස හරියාකාරව කරන්නයි. අපේ සැලසුම එයයි”
”මේ තරගාවලියේ තරග පැවැත්වෙන ආකාරය අනුව අපට කී‍්‍රඩා කරන්න තියෙන්නේ රාති‍්‍රයේ. ඒ නිසා ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගන්න අපි දැනගන්න ඕනේ. අපට ඒ වෙනුවෙන් නිදහසට කරුණු කියන්න බෑ...පුහුණුවීම් කිරීමේදී වුණත් අපි ඒ බව දැනගෙන හිටියා. අදත් අපට හවස් යාමයේ පුහුණු සැසියක් තියෙනවා...ඒ නිසා ‘පන්දුව තෙතයි’ වගේ නිදහසට කරුණු කියන්න බෑ. පන්දු යවන්නෙක් හැටියට මගේ හැ`ගීම ඒකයි” යයිද මාලිංග පැවසීය.
නවසීලන්ත පිලේ පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින බ්‍රෙන්ඩන් මැකලම් මෙම තරගාවලියේදී ලකුණු 42.50 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 10 කදී ලකුණු 16.66 කි. මැකලම් පාලනය කරගැනීමේ උපාය කුමක්ද යන්න විමසූ අවස්ථාවේදී මාලිංග මෙසේ ප්‍රකාශ කළේය.
”බ්‍රෙන්ඩන් මැකලම් හොඳින් ලකුණු අතර ඉන්නවා තමයි. ඒත් අපි එක එක පිතිකරුවන් ගැන හිත හිතා ඉන්නේ නෑ. අපේ හැකියාව අනුව අපි පන්දු යවනවා.
කොහොම වුණත් පිතිකරුවෙක් දවාගන්න ඕන වෙන්නේ එක පන්දුවයි. හෙට තරගයේදී කවුරු හරි කෙනෙක් ඒ පන්දුව යවාවි”
ශී‍්‍ර ලංකා පිලේ නායකයන් ගොන්නට අලූතින්ම එක්වූ තැනැත්තා වුවත් මාලිංග ඒ ගැන වැඩිදුර සිතීමට ඉදිරිපත් නොවේ. ඒ වෙනුවට තමන් සමග සිටින වඩාත් පළපුරුදු නායකයන් පිළිබඳව මාලිංග සතුටු වෙයි.
”මම මේ වෙලාවේ නායකත්වය ගැන හිතන්නේ නෑ. අපට ඕනෑ කරන්නේ හෙට තරගය දිනන්නයි.”
”නායකයා කියන්නේ මග පෙන්වන්නෙක්. ඒත් මහේල, කුමාර්, ඩිල්ෂාන් හා ඇන්ජලෝ වගේ පළපුරුදු නායකයන් මා සමග ඉන්නවා. ඔවුන් විස්සයි:20 කී‍්‍රඩාවේ අත්දැකීම් සම්භාරයක් තියෙන කී‍්‍රඩකයන්. ඒ නිසා හෙට තරගය එනකම් මා ආසාවෙන් බලා ඉන්නවා. මට ඕනෑ කරන්නේ එක දෙයයි. හැම කී්රඩකයෙක්ම එයාගේ හොඳම දස්කම් දැක්වීමයි”
”අපේ පිතිකරුවන් ඔවුන්ගේ හොඳම දස්කම් දක්වමින් ඉන්නවා. පන්දු යැවීමේදී වුණත් අපි හොඳට කරනවා වුණත් එංගලන්තය සමග පැවැති තරගයේ අවසන් ඕවර කිහිපයේදී ඒ දේ කළේ නෑ. ඒත් දැන් ඒක අතීතයට එක්වෙලා ඉවරයි. අපි බලාගෙන ඉන්නේ ඊළ`ග තරගය එනකම්” යයිද මාලිංග පැවසීය.
වෘත්තීය කී‍්‍රඩකයන් රැුසකගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායම පින්නට අනුව හැඩගැහෙන්න දන්නා බවත් පන්දුව ලිස්සා යන අවස්ථාවලදී ඒ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් බවත් ශී‍්‍ර ලංකා නායකයා කියයි.
”සීකුගේ ප්‍රසන්නයි ළහිරු තිරිමාන්නයි දෙන්නාම පසුගිය දිනවලදී හොඳින් දස්කම් දැක්වූවා. හෙට තරගයේදී කවුරුන් කී‍්‍රඩා කරාවිද කියලා තවමත් තීරණය කරලා නැති වුණත් මේ වගේ තරගාවලියකදි අපට අවශ්‍ය ආකාරයේ කී‍්‍රඩකයන් ඉන්නවා”
”විස්සයි:20 කී‍්‍රඩාවේ ඕවරයකදී නැත්නම් දෙකකදී සියල්ලම වෙනස් වෙන්න පුළුවන්. බංග්ලාදෙශයේදී අපේ මෑත කාලීන දස්කම් දිහා අපි බලන්නේ නෑ. අප නිතරම බලන්නේ ඉදිරියේ තියෙන තරගය දිහායි” යයිද මාලිංග අද සවස පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.