Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග හෙට වැඩ බාරගනී

මාලිංග හෙට වැඩ බාරගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විසස්යි:20 ක‍්‍රිකට් තරගය හෙට (20) ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය එංගලන්ත වේලාවෙන් පස්වරු 6.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතය.

ලසිත් මාලිංග නිල වශයෙන් ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායකත්වයට පත්ව තරගයක් මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

බංග්ලාදේශයේදී පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි20 අන්තර්ජාතික පිටියෙන් සමුගැනීම නිසා එම ක‍්‍රීඩකයන්ගේ සේවය ශ්‍රී ලංකාවට අහිමිවී තිබේ. තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වේ.

එංගලන්ත විස්සයි:20 පිලේ නිත්‍ය නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය දණහිසේ ආබාධයට ප‍්‍රතිකාර ලබමින් සිටින නිසා මෙම තරගයේදී එංගලන්ත පිල මෙහෙයවීමේ වගකීම ඔයින් මෝගන්ට පැවරී තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා විස්සයි:20 තරග 5 ක් පවත්වා ඇති අතර ඉන් තරග 3 ක් ශ්‍රී ලංකාව ද, තරග 2 ක් එංගලන්තය ද, ජය ලබා තිබේ.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවසන් වරට විස්සයි:20 තරගයකදී මුණගැසුණු අතර එහිදී එංගලන්තය කඩුලූ 6 කින් ජය ලැබීය. එම තරගයේදී එංගලන්ත පිල වෙනුවෙන් නොදැවී ලකුණු 116 ක් රැස්කළ ඇලෙක්ස් හේල්ස් අද තරගයට ද ක‍්‍රීඩා කිරීමේ සූදානමින් සිටියි.

 

ශ‍්‍රී ලංකා විස්සයි:20 සංචිතය:
ලසිත් මාලිංග (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, අෂාන් ප‍්‍රියංජන්, තිසර පෙරේරා, චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේනානායක, සීකුගේ ප‍්‍රසන්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ අජන්ත මෙන්ඩිස්

එංගලන්ත විස්සයි:20 සංචිතය
ඔයින් මෝගන් (නායක), මුයීන් අලි, ඉයන් බෙල්, රවී බෙපාරා, ටිම් බ්‍රෙස්නන්, ජොස් බට්ලර්, මයිකල් කාබෙරි, හැරී ගානි, ඇලෙක්ස් හේල්ස්, කි‍්‍රස් ජෝර්ඞ්න්, ජෝ රූට්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් සහ කි‍්‍රස් වෝක්ස්

 


අදහස් (10)

මාලිංග හෙට වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.